ගණන් කථාව 26:32 - Sinhala New Revised Version ෂෙමිදාගෙන් පැවතෙන ෂෙමිදා පවුල ය; හේපෙර්ගෙන් පැවතෙන හේපෙර් පවුල ය. Sinhala New Revised Version 2018 ෂෙමිදාගෙන් පැවතෙන ෂෙමිදා පවුල ය; හේපෙර්ගෙන් පැවතෙන හේපෙර් පවුල ය. Sinhala Revised Old Version ෂෙම්දාගෙන් පැවත ආ ෂෙමිදා පවුලය. හේඵෙර්ගෙන් පැවත ආ හේඵෙර් පවුලය. |
හෙපෙර්ගේ පුත් ශෙලෝපෙහාද්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියහ. ඒ දූවරු නම් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය.
මනස්සේගේ අනික් පුත්‍රයන් වන අබීයෙසෙර්ගේ පරපුරට ද හේලෙක්ගේ පරපුරට ද අශ්‍රීයෙල්ගේ පරපුරට ද ෂෙකෙම්ගේ පරපුරට ද හේපෙර්ගේ පරපුරට ද ෂෙමිදාගේ පරපුරට ද ඔවුන්ගේ පවුල් ගණන අනුව කොටස් ලැබුණේ ය. තමන්ගේ පවුල් ගණන අනුව ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පිරිමි දරුවෝ මොවුහු ය.