ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 2:18 - Sinhala New Revised Version

බටහිර දිශාවට එප්‍රායිම්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිහුද්ගේ පුත් එලිෂාමා වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

බටහිර දිශාවට එප්‍රායිම්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිහුද්ගේ පුත් එලිෂාමා වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බස්නාහිර පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට එප්‍රායිම්ගේ කඳවුරේ ධජයට අයිති අය සිටින්නෝය. එප්‍රායිම්ගේ පුත්‍රයන්ට අධිපතියා අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමා වන්නේය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 2:18
13 හුවමාරු යොමු  

තවද, මා නුඹ වෙත මිසරයට එන්නට පෙර, නුඹට දාව මිසර දේශයේ දී බිහි වුණ නුඹේ පුත්තු දෙදෙන මාගේ වන්නෝ ය. රූබන් සහ සිමියොන් මෙන් ම එප්‍රායිම් සහ මනස්සේ මාගේ වන්නෝ ය.


ඔවුන් අඬමින් ද කන්නලව් කරමින් ද ගිය නමුත්, මම ඔවුන් සනසමින් ආපසු ගෙනෙන්නෙමි. දිය ඔයවල් අසලින්, නොපැකිළෙන, ඇද නැති මාවත් ඔස්සේ ඔවුන් ගෙන යන්නෙමි. මම ඉශ්රායෙල්වරුන්ගේ පියා වෙමි; එප්‍රායිම් මාගේ කුළුඳුල් පුත්‍රයා වන්නේ ය.


ජෝසෙප්ගේ පුතුන් අතරෙන්, එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් එලිෂාමා සහ මනස්සේගේ ගෝත්‍රයෙන් පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් ය.


අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජෝසෙප්ගේ පුතුන් අතරෙන් එප්‍රායිම්ගේ ගෝත්‍රයට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.


ඉන්පසු එප්‍රායිම්ගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. එප්‍රායිම්ගේ සේනාංකයේ සෙන්පතියා අම්මිහුද්ගේ පුත් එලිෂාමා විය.


ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස්දාස් පන්සියයක් වේ.


සත් වන දවසේ දී අම්මිහුද්ගේ පුත් එලිෂාමා වන එප්‍රායිම්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.


සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. අම්මිහුද්ගේ පුත් එලිෂාමාගේ පඬුරු මේවා විය.


ඔවුන්ගේ මහිමය, ගව කුලුඳුලාගේ මහිමය මෙන් ය; ඒ බලය, කුළු හරකාගේ අං මෙන් ය. ඒ බලයෙන් පොළොවේ කෙළවරට ඔහු, ජනයා නෙරපාදමයි. එප්‍රායිම්ගේ පරපුරෙහි දස දහස ද මනස්සේගේ පරපුරෙහි දහස් ගණන ද මේ ජනයා වෙති.”