මම දෙවිඳුන්ට මෙසේ කියමි: ‘මා වරදට පත් නොකළ මැනව; මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.
ගණන් කථාව 11:11 - Sinhala New Revised Version ඔහු සමිඳාණන් වහන්සේට කතා කොට, “ඔබේ සේවකයාට ඔබ පීඩා කරන්නේ මන් ද? ඔබට මා අප්‍රසන්න වී ඇත්තේ කුමන හේතුවකින් ද? මේ මුළු සෙනඟ ගැන වගකීම ඔබ මට පවරා තිබෙන්නේ ඇයි? Sinhala New Revised Version 2018 ඔහු සමිඳාණන් වහන්සේට කතා කොට, “ඔබේ සේවකයාට ඔබ පීඩා කරන්නේ මන් ද? ඔබට මා අප්‍රසන්න වී ඇත්තේ කුමන හේතුවකින් ද? මේ මුළු සෙනඟ ගැන වගකීම ඔබ මට පවරා තිබෙන්නේ ඇයි? Sinhala Revised Old Version මෝසෙස් ස්වාමීන්වහන්සේට කියනුයේ: ඔබ මේ මුළු සෙනඟගේ බර මා පිට තැබීමෙන් ඔබගේ මෙහෙකරුවාට කුමක්නිසා අයහපත කළසේක්ද? ඔබගේ ඇස් හමුවෙහි මට කරුණාව නොපෙන්නුවේ මක්නිසාද? |
මම දෙවිඳුන්ට මෙසේ කියමි: ‘මා වරදට පත් නොකළ මැනව; මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.
සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද?
මෝසෙස් එවිට සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මේ සෙනඟට මා කුමක් කරන්න ද? ඔව්හු මට ගල් ගසන්නට සැරෙසති”යි කීවේ ය.
මෝසෙස් සමිඳාණන් වහන්සේ වෙත ආපසු ගොස්, “ස්වාමීනි, ඔබ වහන්සේ මේ සෙනඟට මෙතරම් දරුණු ලෙස ක්‍රියා කරන්නේ මන් ද? ඔබ වහන්සේ මා යැව්වේ කුමක්නිසා ද?
අහෝ මාගේ මෑණියෙනි! මුළු දේශය සමඟ තරඟ ද විවාද ද කරන මිනිසෙකු වීමට ඔබ මා වැදූ නිසා මට සිදු වී ඇති විපතක මහත! මා කිසිවෙකුට ණයට දුන්නේ වත්, කිසිවෙකුගෙන් ණයට ගත්තේ වත් නැත. එහෙත්, සියල්ලෝ ම මට සාප කරති.
මාගේ වේදනාවට කෙළවරක් නැත්තේ මන් ද? මාගේ තුවාළ අසාධ්‍ය ව තිබෙන්නේ මන් ද? ඒවා සුව නොවන්නේ මන් ද? ඔබ දිය සිඳී යන රැවටලිකාර දිය පාරක් මෙන් වන සේක් ද?”
‘දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵල ය. උන් වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන් වත්, කණගාටුවෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැසිරීමෙන් වත් වැඩක් ඇද් ද?
සෙනඟ ද පවුල් වශයෙන්, තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිට හඬනු මෝසෙස්ට ඇසිණි. සමිඳාණන් වහන්සේගේ කෝපය ද ඉමහත් ලෙස දැල්විණි. මෝසෙස් දුකට පත් විය.
ඔබ මට මෙසේ කරන්නෙහි නම්, කරුණාකර, මා මරාදමනු මැනවි. එවිට මගේ කාලකණ්ණිකම මට ම නොපෙනී යනු ඇතැ”යි කීවේ ය.