මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය.
ගණන් කථාව 10:18 - Sinhala New Revised Version ඉන්පසු රූබන්ගේ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. රූබන්ගේ සේනාංකයේ සෙන්පතියා ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් විය. Sinhala New Revised Version 2018 ඉන්පසු රූබන්ගේ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. රූබන්ගේ සේනාංකයේ සෙන්පතියා ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් විය. Sinhala Revised Old Version රූබෙන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ය. |
මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය.
සිමියොන්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් විය.
හොරණෑව දෙ වන වරටත් රණ හඬ නැඟුව විට දක්ෂිණ දිශාවේ කූඩාරම්වල අය පිටත් විය යුතු ය. මෙලෙස පිටත් වී යාම රණ හඬ අනුව විය යුතු වේ.
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක් සහ එළුවන් පස්දෙනෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ෂොදෙවුර්ගේ පුත් එලිශූර්ගේ පඬුරු මේවා විය.