පළමුකොට ජුදාගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. ජුදාගේ සේනාංකයේ සෙන්පතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් විය.
ගණන් කථාව 10:13 - Sinhala New Revised Version එවිට මෝසෙස් මඟින් සමිඳාණන් වහන්සේ දුන් අණ පරිදි ඔව්හු ඉදිරියට ගමන් ගත්හ. Sinhala New Revised Version 2018 එවිට මෝසෙස් මඟින් සමිඳාණන් වහන්සේ දුන් අණ පරිදි ඔව්හු ඉදිරියට ගමන් ගත්හ. Sinhala Revised Old Version එවිට ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණ කෙරෙවු ලෙස පළමු වරට ගමන්කළෝය. |
පළමුකොට ජුදාගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. ජුදාගේ සේනාංකයේ සෙන්පතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් විය.
මෙලෙස වලාකුළ මණ්ඩපය මත දින ස්වල්පයක් තිබූ විට සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු යන්නට ද පිටත් වූ හ.
සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු කූඩාරම්වල පදිංචි වූ හ. එලෙස ම ඔව්හු යන්නට ද පිටත් වූ හ. උන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ පරිදි ඔව්හු උන් වහන්සේගේ නියමයන් ඉටු කළහ.
“අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අපට මෙසේ කතා කළ සේක: ‘නුඹලා මේ කන්ද මත මෙතෙක් කල් විසුවා ඇත.