ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




කොලොස්සි 4:9 - Sinhala New Revised Version

ඔබේ ම කෙනෙකු වන, විශ්වාසවන්ත ප්‍රේමවන්ත සහෝදරයා වන ඔනේසිමස් ද, තුකිකස් සමඟ ඔබ වෙත එවමි. මෙහි තොරතුරු ඔවුන් ඔබට දන්වනු ඇත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔහු එන්නේ, ඔබේම කෙනකු වූ අපගේ විශ්වාසනීය, ප්‍රේමණීය සහෝදර ඔනේසිමස් සමඟ ය. මෙහි හැම දෙයක් ගැනම ඔවුන් ඔබට පවසනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබේ ම කෙනෙකු වන, විශ්වාසවන්ත ප්‍රේමවන්ත සහෝදරයා වන ඔනේසිමස් ද, තුකිකස් සමඟ ඔබ වෙත එවමි. මෙහි තොරතුරු ඔවුන් ඔබට දන්වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලාගෙන් එක්කෙනෙක් වන විශ්වාස ප්‍රේමවන්ත සහෝදරයාවූ ඔනේසිමස් සමඟ ඔහු නුඹලා ළඟට එවමි. මෙහි සියලු කාරණා ඔවුන් නුඹලාට දන්වනවා ඇත.

පරිච්ඡේදය බලන්න



කොලොස්සි 4:9
4 හුවමාරු යොමු  

අපගේ ප්‍රේමවන්ත හවුල් දාසයෙකු ද ක්‍රිස්තුන් වහන්සේගේ විශ්වාසවන්ත සේවකයෙකු ද වන එපප්‍රස් අප වෙනුවෙන් ඒ සුබ අස්න ඔබට ඉගැන්වී ය.


ඔබේ ම කෙනෙකු වන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, එපප්‍රස් ද ඔබට ආචාර කරයි. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තට සම්පූර්ණයෙන් ගැති ව, ස්ථීර අධිෂ්ඨානයෙන් සිටින පිණිස ඔහු ඉතා ඕනෑකමින් නොකඩව යාච්ඤා කරයි.


සමිඳාණන් වහන්සේගේ සේවයෙහි ප්‍රේමවන්ත සහෝදරයෙකු ද විශ්වාසවන්ත සේවකයෙකු ද හවුල් දාසයෙකු ද වන තුකිකස් මා ගැන සියලු තොරතුරු ඔබට දන්වනු ඇත.