ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 5:12 - Sinhala New Revised Version

ප්‍රේරිතයන් විසින් ජනයා අතර කරන ලද ලකුණු ද අරුමපුදුම දේ ද බොහෝ විය. ඔව්හු සියලු දෙනා ම එක්සිත් ව සලමොන්ගේ සක්මන් මළුවෙහි රැස් වූ හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

අපෝස්තුලුවරුන්ගේ අත්වලින් ජනයා අතරේ දක්වන ලද අනුහස් ලකුණු ද හාස්කම් ද බොහෝ ය. සියලු ඇදහිලිවත්හු දේව මාලිගයේ සලමොන්ගේ මණ්ඩපයේ එක්රැස් වීම සිරිතක් කොට ගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අපෝස්තුළුවරුන් විසින් ජනයා අතර කරන ලද ලකුණු ද අරුමපුදුම දේ ද බොහෝ විය. ඔව්හු සියලු දෙනා ම එක්සිත් ව සලමොන්ගේ සක්මන් මළුවෙහි රැස් වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ප්‍රේරිතයන්ගේ අත්වලින් බොහෝ හාස්කම්ද පුදුම සෙනඟ අතරේ කරනලද්දේය; ඔවුන් සියල්ලෝම එක්සිත්ව සාලමොන්ගේ ද්වාරමණ්ඩපයෙහි සිටියෝය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 5:12
22 හුවමාරු යොමු  

‘මේ දේව මාලිගාව ෂිලෝ මෙන් වන්නේ ය’ කියාත්, ‘මේ නුවර වැසියන් නොසිටින හැටියට පාළු වන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ දිවැස් වැකි කීවේ මන්දැ”යි ඇසූ හ. එවිට මුළු සෙනඟ ජෙරමියාට විරුද්ධ ව ඔහු වටකරගෙන දේව මාලිගාවේ රොක් වූ හ.


ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්‍.


ඒ ශීත සෘතුව විය. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක.


ජේසුස් වහන්සේ, “ඔබ ලකුණු ද අරුමපුදුම දේ ද දුටුවොත් මිස විශ්වාස නො කරන්නාහු ය”යි ඔහුට වදාළ සේක.


මේ සියලු දෙනා, ස්ත්‍රීන් ද ජේසුස් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමිය ද උන් වහන්සේගේ සහෝදරයන් ද සමඟ එක්සිත් ව නොකඩ ව යාච්ඤාවේ නිරත වූ හ.


එහෙයින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ වරමින් එඩිතර ව කතා කරමින් බොහෝ කලක් එහි නැවතී සිටියහ. උන් වහන්සේ ඔවුන් ලවා අරුමපුදුම දේ ද ලකුණු ද කරවමින් සිය වරප්‍රසාදය පිළිබඳ ධර්මයට සාක්ෂි දැරූ සේක.


ඈ දවස් කීපයක් ම මෙසේ කළා ය. එවිට පාවුලු අතිශයින් අප්‍රසන්න වී, ආත්මයට කතා කොට, “ඇගෙන් අහක් වී යන්නට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් නුඹට අණ කරමි”යි කී ය. ඒ මොහොතේ දී ම ඒ ආත්මය අහක් ව ගියේ ය.


දෙවියන් වහන්සේ පාවුලුගේ අත්වලින් පුදුම හාස්කම් සිදු කළ සේක.


තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් රොටි කඩමින් ද තම තමන් අතර ප්‍රීතියෙනුත්, ත්‍යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද


මෙය සිදු වූ කල දිවයිනේ අනෙක් රෝගීහු ද පැමිණ සුව කරනු ලැබූ හ.


පේදුරු සහ ජොහන් ඔහුගේ අතින් අල්ලාගෙන සලමොන්ගේ සක්මන් මළුවෙහි සිටිනු දුටු සමූහයා අතිශයින් පුදුම වී ඔවුන් වෙතට දිවූ හ.


සුව කිරීමට ඔබගේ හස්තය දිගු කළ මැනව; තවද, ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේගේ නාමානුභාවයෙන් ලකුණු ද අරුමපුදුම දේ ද සිදු කළ මැනව.”


එහි අට අවුරුද්දක් අංශභාග රෝගයෙන් ඔත්පළ ව හුන් අයිනෙයස් නම් මනුෂ්‍යයෙක් ඔහුට හමු විය.


පේදුරු ඔවුන් සියල්ලන් බැහැර කර, දණින් වැටී යාච්ඤා කර, මෘත දේහය දෙසට හැරී, “තබිතා, නැඟිටින්නැ”යි කී ය. එවිට ඈ ඇස් ඇර, පේදුරු දැක, හිඳගත්තා ය.


ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ද විජාතීන් තමන් වහන්සේට පක්ෂපාත කරවන ලෙස ක්‍රිස්තුන් වහන්සේ මා ලවා කළ අරුමපුදුම දේ ද ලකුණු ද ගැන මිස අන් කිසිවක් ගැන කතා කිරීමට මම ධෛර්යවත් නොවෙමි. මෙසේ මම ජෙරුසලමේ සිට ඉල්ලුරිකය දක්වා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කොට නිම කෙළෙමි.


සැබැවින් ම ලකුණු ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද ඔබ අතර නොපිරිහෙළා කිරීමෙන්, ප්‍රේරිතවරයෙකුගේ ගුණාංග මට ඇති බව දැක්වීමි.


දෙවියන් වහන්සේත් ලකුණුවලින් ද අරුමපුදුම දේවලින් ද විවිධ ප්‍රාතිහාර්යවලින් ද ස්වකීය කැමැත්ත අනුව ශුද්ධාත්මයාණන් වහන්සේගේ වරප්‍රසාද දීමෙන් ද ඊට සාක්ෂි දුන් සේක.