එහෙත් ඉශ්රායෙල් ජනයා අතර මිනිසෙකුට වත්, මෘගයෙකුට වත් විරුද්ධ ව බල්ලෙකු පවා බුරන්නේ නැත. සමිඳාණන් වහන්සේ වන මා මිසර වැසියන් හා ඉශ්රායෙල් ජනයා අතර වෙනසක් ඇති කළ බව මේ කාරණයෙන් නුඹලා දැනගන්නහු ය.
ක්‍රියා 28:21 - Sinhala New Revised Version එවිට ඔව්හු කතා කොට: “ජුදයෙන් ඔබ ගැන අපට ලියුම් ලැබුණේ වත්, ආවා වූ සහෝදරයන්ගෙන් කවුරුන් වත් ඔබ ගැන කිසි නරකක් දැන්නුවේ වත් නැත. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු පිළිතුරු දෙමින්, “යුදයේ සිට ඔබ ගැන සඳහන් ලිපි කිසිවක් අපට ලැබී නැහැ. එහි සිට මෙහි ආ අපගේ සහෝදරයින්ගෙන් කිසිවකු ඔබ ගැන නරක ආරංචියක් දැන්වූයේවත්, කතා කළේවත් නැහැ. Sinhala New Revised Version 2018 එවිට ඔව්හු කතා කොට: “ජුදයෙන් ඔබ ගැන අපට ලියුම් ලැබුණේ වත්, ආවා වූ සහෝදරයන්ගෙන් කවුරුන් වත් ඔබ ගැන කිසි නරකක් දැන්නුවේ වත් නැත. Sinhala Revised Old Version එවිට ඔව්හු කථාකොට: යුදයෙන් නුඹ ගැන අපට ලියුම් ලැබුණේවත් ආවාවූ සහෝදරයන්ගෙන් කවුරුවත් නුඹ ගැන කිසි දෝෂයක් දැන්නුවේවත් නැත. |
එහෙත් ඉශ්රායෙල් ජනයා අතර මිනිසෙකුට වත්, මෘගයෙකුට වත් විරුද්ධ ව බල්ලෙකු පවා බුරන්නේ නැත. සමිඳාණන් වහන්සේ වන මා මිසර වැසියන් හා ඉශ්රායෙල් ජනයා අතර වෙනසක් ඇති කළ බව මේ කාරණයෙන් නුඹලා දැනගන්නහු ය.
“නුඹ සමඟ වෛර ව සිටි සියල්ලෝ ලජ්ජා වී වියවුල් වන්නෝ ය. නුඹට විරුද්ධ වන්නෝ නැති නාස්ති වී විනාශ වන්නෝ ය.
මන්ද, දෙවිඳාණෝ මා ළඟ ය; එතුමාණෝ මා නිදොස් බව පෙන්වන සේක. මට විරුද්ධ ව චෝදනා කරන්නේ කවරෙක් ද? අපි දෙදෙනා ම විනිශ්චයයට යමු; ඔහු මට විරුද්ධ ව චෝදනාව ඉදිරිපත් කරා වා!
නුඹට විරුද්ධ ව සාදන කිසි ම ආයුධයකින් වැඩක් නොවේ. නුඹට විරුද්ධ ව නඟන සියලු චෝදනා නුඹ නිෂ්ප්‍රභා කරන්නෙහි ය. මාගේ මෙහෙකරුවන්ගේ උරුමය මෙය වන්නේ ය. මම ඔවුන්ට ජය අත්කර දෙමි.”
පුරුෂයන් ද ස්ත්‍රීන් ද අත්අඩංගුවට ගෙන හිරගෙවලට භාර දුනිමි. ඒ ගැන උත්තම පූජකයා ද මුළු මන්ත්‍රණ සභාව ද මට සාක්ෂි දරති. ඔවුන්ගෙන් ද දමස්කයේ ජුදෙව් සහෝදරයන්ට ලියුම් ලබාගෙන එහි සිටි අයටත් දඬුවම් කරන පිණිස ඔවුන් බැඳ ජෙරුසලමට ගෙනෙන්නට මම එහි ගියෙමි.”
එහි දී අපට සහෝදරයන් හමු වී, තමන් සමඟ සත් දවසක් නැවතී සිටින ලෙස ඔව්හු අපගෙන් ඉල්ලූ හ. ඉන්පසු අපි රෝමයට පැමිණියෙමු.
“දැන් ඉතින් සහෝදරවරුනි, ඔබගේ ප්‍රධානීන් මෙන් ම, ඔබ ද, නොදැනුම්කමින් ක්‍රියා කළ බව මම දනිමි.
මාගේ ලේ නෑයන් වූ සහෝදරයන් උදෙසා, ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී සාප ලද්දෙකු වීමට හැකි නම් ඊට වුවත් මම කැමැති වෙමි.