එකල, සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසී ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩහුන්හ.
ක්‍රියා 22:12 - Sinhala New Revised Version “ව්‍යවස්ථාවලිය මනා සේ පිළිපැද්ද, එසේ ම එහි වසන සියලු ජුදෙව්වරුන්ගේ ප්‍රසාදය දිනා ගත් අනනියස් නම් මනුෂ්‍යයෙක් මා වෙත අවුත්, සිංහල කාලීන පරිවර්තනය “එහිදී අනනියස් නම් කෙනෙක් මා දකින්නට ආවා. දහම් නියෝග බැතිමත්ව පිළිපදින්නකු වූ ඔහු, එහි වෙසෙන යුදෙව්වන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූවෙක්. Sinhala New Revised Version 2018 “ව්‍යවස්ථාවලිය මනා සේ පිළිපැද්ද, එසේ ම එහි වසන සියලු ජුදෙව්වරුන්ගේ ප්‍රසාදය දිනා ගත් අනනියස් නම් මනුෂ්‍යයෙක් මා වෙත අවුත්, Sinhala Revised Old Version එවිට ව්‍යවස්ථාව ප්‍රකාරයට භක්තිවන්තවූ, එහි වසන සියලු යුදෙව්වරුන් විසින් යහපත් කෙනෙකැයි කියනලද්දාවූ |
එකල, සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසී ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩහුන්හ.
ඔව්හු කතා කොට: “දැහැමි, දේව භය ඇති, මුළු ජුදෙව් ජාතිය ම ගරු කරන ශතාධිපතියෙකු වූ, කොර්නේලියස් තෙමේ තමාගේ ගෙදරට ඔබ කැඳවා ඔබෙන් ඔවදන් අසන පිණිස, දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ දේව දුතයෙකු ලවා අණ දෙනු ලැබී ය”යි කී හ.
ඔවුන්ගෙන් සමහරෙක් ද භක්තිවන්ත ග්‍රීකවරුන්ගෙන් මහත් සමූහයක් ද වැදගත් ස්ත්‍රීන්ගෙන් කීප දෙනෙක් ද ඒ අදහා ගෙන, පාවුලු සහ සීලස් සමඟ එක් වූ හ.
එබැවින් සහෝදරයෙනි, මේ තනතුරට පත් කරන පිණිස, යහපත් යයි පිළිගත්, එසේ ම ශුද්ධාත්මයෙන් ද ප්‍රඥාවෙන් ද පූර්ණ සත්දෙනෙකු ඔබ අතරෙන් තෝරා ගන්න.
ගෞරවය හා අගෞරවය ද, කීර්තිය හා අපකීර්තිය ද ලැබීමු. වංචාකාරයන් මෙන් ගණන්ගැනුණත්, සත්‍යවාදීහු වීමු.
ඔහු සභාවෙන් පිට අය විසින් ගරු කොට සලකනු ලබන්නෙකු ද විය යුතු යි. එසේ නොවේ නම් ඔහු හොඳ නම නැති කරගෙන, යක්ෂයාගේ උගුලට අසු වන්නේ ය.
දෙමෙත්‍රියස් ගැන සියල්ලෝ ම හොඳ කියති. සත්‍යයත් ඔහුට සාක්ෂි දරයි. මමත් එසේ ම සාක්ෂි දරමි. අපේ සාක්ෂිය සැබෑ බව ඔබ දන්නහු ය.