ජුදා මන්ත්‍රණ සභාවෙහි ගරුතර සාමාජිකයෙකු වන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන අපේක්ෂාවෙන් සිටි, අරිමාතියේ ජෝසෙප් එහි පැමිණ, ධෛර්ය ගෙන, පිලාත් වෙත ගොස් ජේසුස් වහන්සේගේ මෘත දේහය ඉල්ලා සිටියේ ය.
ක්‍රියා 17:12 - Sinhala New Revised Version එහෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ද ග්‍රීක් කුල කාන්තාවන්ගෙන් සහ පුරුෂයන්ගෙන් කීප දෙනෙක් ද අදහා ගත්හ. සිංහල කාලීන පරිවර්තනය මෙසේ යුදෙව්වෝ බොහෝ දෙනෙක් අදහා ගත්හ. ග්‍රීක කුල ස්ත්‍රීන් මෙන්ම ග්‍රීක මිනිසුන් මහත් ගණනාවක් ද අදහා ගත්හ. Sinhala New Revised Version 2018 එහෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ද ග්‍රීක් කුල කාන්තාවන්ගෙන් සහ පුරුෂයන්ගෙන් කීප දෙනෙක් ද අදහා ගත්හ. Sinhala Revised Old Version එහෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ග්‍රීක් කුල ස්ත්‍රීන් හා පුරුෂයන්ගෙන් කීපදෙනෙක්ද අදහාගත්තෝය. |
ජුදා මන්ත්‍රණ සභාවෙහි ගරුතර සාමාජිකයෙකු වන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන අපේක්ෂාවෙන් සිටි, අරිමාතියේ ජෝසෙප් එහි පැමිණ, ධෛර්ය ගෙන, පිලාත් වෙත ගොස් ජේසුස් වහන්සේගේ මෘත දේහය ඉල්ලා සිටියේ ය.
යමෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති වන්නේ නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් වූවක් ද නැතහොත් මාගෙන් ම වූවක් දැ යි දැනගන්නේ ය.
එවිට පාවුලු ද බාර්ණබස් ද එඩිතර ව කතා කරමින් මෙසේ කී හ: “දෙවියන් වහන්සේගේ වචනය පළමුකොට ඔබට ප්‍රකාශ කළ යුතු ව තිබිණි. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කොට, සදාතන ජීවනයට ඔබ නුසුදුස්සන් බව ඔබ ම නිශ්චය කර ගන්නා හෙයින්, මෙන්න, අපි විජාතීන් වෙතට හැරෙමු.
එහෙත් ජුදෙව්වරු සැදැහැවත් කුල ස්ත්‍රීන් ද නුවර ප්‍රභූන් ද පොළඹවා, පාවුලු සහ බාර්ණබස්ට විරුද්ධ ව පීඩාකාරී තත්ත්වයක් ඇති කර, තමන්ගේ පෙදෙස්වලින් ඔවුන් පිටතට නෙරපාදැමූ හ.
තවද ඔව්හු ඉකෝනියෙහි දී ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවලට ඇතුළු වී දේශනා කළහ. ඒ ඇසූ ජුදෙව්වන්ගෙන් ද ග්‍රීක්වරුන්ගෙන් ද මහත් සමූහයක් අදහාගත්හ.
දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් හා සියල්ලන්ගේ ප්‍රසාදය ලබමින් ද කල් යැවූ හ. සමිඳාණන් වහන්සේ ගැළවීම ලබන්නන්ගේ ගණන දවසින් දවස වැඩිකර වදාළ සේක.
සහෝදරයෙනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක මිම්ම අනුව ප්‍රඥාවන්ත යැයි කිව හැකි බොහෝ දෙනෙක් ඔබ අතර නො වූ හ. එලෙස ම, බලවත් අයත්, කුලවත් අයත් වැඩි දෙනෙක් නො වූ හ.
එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත: “නිදා සිටින ඔබ අවදි වන්න, මරණින් නැඟිටින්න, එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක.”
ධනපතියා තමා පහත් කරනු ලැබීම ගැන ද උදන් අනා වා. මන්ද, ධනවතා තණ මලක් මෙන් පහ ව යන්නේ ය.
එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න.