එසේ වූයේ, ඔවුන් ඔහුගේ සිත අතිශයෙන් රිදවූ නිසා, ඔහු සිය මුවින් අනුවණ ලෙස කතා කළ බැවිනි.
ක්‍රියා 15:39 - Sinhala New Revised Version ඒ ගැන දැඩි විවාදයක් හටගත් බැවින්, ඔව්හු එකිනෙකාගෙන් වෙන් ව ගියහ. බාර්ණබස් මාක් කැඳවාගෙන, සයිප්‍රසයට නැවෙන් ගියේ ය; සිංහල කාලීන පරිවර්තනය මෙසේ පාවුල් හා බාර්ණබස් දෙපසට වෙන් කිරීමට තරම් වූ තියුණු මත-භේදයක් පැන නැඟිණි. බාර්ණබස් තමා සමඟ මාර්ක් ගෙන සයිප්‍රස් බලා නැවෙන් ගියේ ය. Sinhala New Revised Version 2018 ඒ ගැන දැඩි විවාදයක් හටගත් බැවින්, ඔව්හු එකිනෙකාගෙන් වෙන් ව ගියහ. බාර්ණබස් මාක් කැඳවාගෙන, සයිප්‍රසයට නැවෙන් ගියේ ය; Sinhala Revised Old Version ඒ ගැන සැර විවාදයක් හටගත් බැවින් ඔව්හු එකිනෙකාගෙන් වෙන්ව ගියෝය, බාර්ණබස් මාර්ක් කැඳවාගෙන, කුප්‍රසට නැවෙන් ගියේය; |
එසේ වූයේ, ඔවුන් ඔහුගේ සිත අතිශයෙන් රිදවූ නිසා, ඔහු සිය මුවින් අනුවණ ලෙස කතා කළ බැවිනි.
එහෙත් ඔවුන් අතරෙන් සයිප්‍රසයේ ද සිරේනියේ ද වැසියන් වූ සමහරෙක් අන්තියෝකියට පැමිණ, ග්‍රීකයනටත් කතා කරමින්, ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කළහ.
මෙය තේරුම්ගත් ඔහු මාක් නම් ලත් ජොහන්ගේ මව වූ මරියාගේ ගෙදරට පැමිණියේ ය. එහි බොහෝ දෙනෙක් රැස් ව යාච්ඤා කරමින් සිටියහ.
එහෙයින් ඔවුන් ද පාවුලු හා බාර්ණබස් ද අතර වේගවත් වාද විවාද ඇති විය. මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ සභා මූලිකයන්ගෙන් විචාරන පිණිස පාවුලු සහ බාර්ණබස් ද අන්තියෝකියෙන් තවත් සමහරෙක් ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූ හ.
එතැනින් පිටත් වී යන විට, සුළඟ අපට විරුද්ධ ව හැමූ බැවින් සයිප්‍රසයේ වෙරළාසන්නයෙන් යාත්‍රා කෙළෙමු.
එකල, ‘අනුශාසනාවේ පුත්‍රයා’ යන අර්ථය ඇති බාර්ණබස් යයි ප්‍රේරිතයන් විසින් නම් කරන ලද ලෙවීවරයෙක් වූ ද සයිප්‍රස් වැසියෙක් වූ ද ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය.
ඒ දවස්වල දී ශ්‍රාවකයන්ගේ ගණන වැඩි වන කල, හෙබ්‍රෙව් බස කතා කරන ජුදෙව්වන්ට විරුද්ධ ව, ග්‍රීක බස කතා කරන ජුදෙව්වරු පැමිණිල්ලක් ඉදිරිපත් කළහ: දිනපතා සහනාධාර දීමේ දී, තමන්ගේ වැන්දඹුවන් නොසලකා හරිනු ලබති යි ඔව්හු කී හ.
මා සමඟ එකට හිරකාරයෙකු ව සිටින අරිස්තාර්කස් ද බාර්ණබස්ගේ මස්සිනා වන මාක් ද ඔබට ආචාර කරති. මාක් සම්බන්ධයෙන් ඔබ උපදෙස් ලබා ඇත. ඔහු ඔබ වෙතට ආවොත් සාදරයෙන් පිළිගන්න.
අපි සියල්ලෝ ම බොහෝ විට වරදට වැටෙමු. යමෙක් වචනයෙන් වරදක් නොකරන්නේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්නට සමත්, සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙකි.
ඔබ සමඟ තෝරාගනු ලැබූ බබිලෝනියෙහි ඇති සභා තොමෝ ඔබට ආචාර කරන්නී ය. මාගේ පුත්‍ර මාක් ද එසේ ම ඔබට ආචාර කරයි.