අප ප්‍රීති සන්තෝෂ විය යුතු ම ය. මන්ද, මේ ඔබේ මල්ලී මැරී සිටි නමුත් නැවත ජීවත් ව සිටි’ “යි; නැති වී සිටි නමුත් නැවත සම්බ වී ය’යි කීයේ ය.
ක්‍රියා 15:3 - Sinhala New Revised Version මෙසේ ඔව්හු සභාව විසින් යවන ලදුව, පිනීසිය ද සමාරිය ද මැදින් ගොස්, විජාතීන්ගේ හැරීම ප්‍රකාශ කරමින්, සියලු සහෝදරයනට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ. සිංහල කාලීන පරිවර්තනය සභාව ඔවුන් පිටත් කර යැවී ය. ඔවුහු පිනීකිය හා සමාරිය හරහා ගමන් ගනිමින්, අන්‍ය-ජාතීන්ගේ හැරීමේ පුවත පතළ කරමින්, එහි විසූ සියලු සහෝදරයින්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ. Sinhala New Revised Version 2018 මෙසේ ඔව්හු සභාව විසින් යවන ලදුව, පිනීසිය ද සමාරිය ද මැදින් ගොස්, විජාතීන්ගේ හැරීම ප්‍රකාශ කරමින්, සියලු සහෝදරයනට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ. Sinhala Revised Old Version එබැවින් ඔව්හු සභාව විසින් ඇරලන ලදුව, පෙනීකියද සමාරියද මැදින් ගොස්, අන්‍යජාතීන්ගේ හැරීම ප්‍රකාශකරමින්, සියලු සහෝදරයන්ට මහත් ප්‍රීතියක් ඉපදෙවූවෝය. |
අප ප්‍රීති සන්තෝෂ විය යුතු ම ය. මන්ද, මේ ඔබේ මල්ලී මැරී සිටි නමුත් නැවත ජීවත් ව සිටි’ “යි; නැති වී සිටි නමුත් නැවත සම්බ වී ය’යි කීයේ ය.
මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය:
විජාතීහු ඒ අසා සන්තෝෂ ව, දෙවියන් වහන්සේගේ වචනයට ගෞරව කළහ. සදාතන ජීවනය ලැබීමට තෝරාගන්නා ලද සියල්ලෝ ම අදහාගත්හ.
එහි පැමිණි කල, ඔව්හු සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කළ සියල්ල ද විජාතීන්ට උන් වහන්සේ විශ්වාසය කරා දොරක් ඇර දුන් බව ද දැන්වූ හ.
ජුදයෙන් සමහර දෙනෙක් අවුත්, “මෝසෙස්ගෙන් පැවත එන සිරිත ලෙස ඔබ චර්මඡේදනය කරනු නොලැබුවහොත් ඔබට ගැළවීම ලැබිය නොහැකි ය”යි සහෝදරයන්ට ඉගැන්වූ හ.
එවිට මුළු සමූහයා නිශ්ශබ්ද වී, තමන් ලවා දෙවියන් වහන්සේ විජාතීන් අතර දැක් වූ ලකුණු ද අරුමපුදුම දේ ද ගැන පාවුලු සහ බාර්ණබස් කී සියල්ලට සවන් දුන්හ.
එකල තමන් අතරෙන් නියෝජිතයන් තෝරාගෙන, ඔවුන් පාවුලු සහ බාර්ණබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැ යි ප්‍රේරිතයන්ට ද සභා මූලිකයන්ට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. තෝරාගනු ලැබුවෝ නම්, සහෝදරයන් අතර මූලිකයන් වන බර්සබස් නම් ලත් ජූදස් සහ සීලස් ය.
ජූදස් සහ සීලස් යන දෙදෙන දිවැසිවරයන් වූ බැවින්, බොහෝ වචනවලින් සහෝදරයන්ට අනුශාසනා කර, ඔවුන් ධෛර්යවත් කළහ.
ඔවුන් ජෙරුසලමට පැමිණි කල, සභාව ද ප්‍රේරිතයෝ ද සභා මූලිකයෝ ද, ඔවුන් පිළිගත්හ. ඉන්පසු ඔව්හු දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කරැවූ සියලු දේ ඔවුන්ට දැන්වූ හ.
පාවුලු ඇරලීමට ගිය අය ඇතන්ස් නගරය දක්වා ඔහු පිරිවරා ගියහ. හැකි පමණ ඉක්මනින් තමා වෙතට එන මෙන්, සීලස්ට ද තිමෝතියස්ට ද පාවුලුගෙන් නියමයක් රැගෙන ඔව්හු ආපසු ගියහ.
අනෙක් හැම දේට ම වඩා, තමාගේ මුහුණ යළිත් ඔවුන් නොදකිති යි ඔහු කී වචන ගැන, ඔව්හු ශෝක වූ හ. ඉන්පසු ඔව්හු ඔහු සමඟ නැව කරා ගියහ.
එහෙත් ඒ දවස් ගත වූ පසු අපි පිටත් ව අපේ ගමන ගියෙමු. අප නුවරින් පිට වන තුරු ඔව්හු සියලු දෙනා ම තමන්ගේ භාර්යාවන් හා දරුවන් ද සමඟ අප කැටුව ආහ. අපි වෙරළෙහි දණින් වැටී යාච්ඤා කර,
රෝමයේ සිටි සහෝදරයෝ අප ගැන අසා, එතැනින් අපියුස්ගේ වෙළඳාම්පළ ද තුන් තානායම ද දක්වා අප පෙරමඟට ආහ. පාවුලු ඔවුන් දැක, දෙවියන් වහන්සේට ස්තුති කොට, ධෛර්යවත් විය.
සමාරීයයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි ප්‍රේරිතවරයන්ට සැළ වූයෙන් ඔව්හු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූ හ.
එසේ යද්දී ඔබ දකින්ට ද, ටික කලක් ඔබ සමඟ නැවතීමේ ප්‍රීතිය විඳින්න ද ඉන්පසු ඔබේ ආධාරත් ඇති ව ඒ ගමන යන්න ද බලාපොරොත්තු වෙමි.
එබැවින් කිසිවෙක් ඔහු හෙළා නොදකී වා. ඔහු මා වෙත එන පිණිස, ඔහුගේ ගමන සතුටු සිතින් යාමට කටයුතු කරන්න. මන්ද, මම සහෝදරයන් සමඟ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිමි.
සමහරවිට ටික කලක්, නැත්නම් මුළු ශීත කාලය වුව ද, ඔබ සමඟ නවතින්නෙමි. එවිට මා කොහේ ගියත් මගේ ගමනට ඔබට ආධාර දිය හැකි ය.
මසිදෝනියට යන ගමනේ දී ද ආපසු එන විට ද ඔබ දැකබලාගැනීමට මම අදහස් කෙළෙමි. තවද ජුදයට මා යන ගමනේ දී ඔබගෙන් ආධාර ලබාගන්නට මම බලාපොරොත්තු වෙමි.
නීතිඥයෙකු වූ සේනාස්ට ද අපොල්ලොස්ට ද කිසිවකින් හිඟයක් නැති ව, ඔවුන්ගේ ගමන ඉක්මන් වන පිණිස හැකි තරමින් උපකාර කරන්න.