එවිට පේදුරු උත්තර දෙමින්, “අප ලැබුවාක් මෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබූ ඔවුන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කිරීම වැළැක්විය හැක්කේ කවරෙකුට දැ”යි කී ය.
ක්‍රියා 10:44 - Sinhala New Revised Version පේදුරු මේ වචන කතා කරද්දී ම එය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන් වහන්සේ පහළ වූ සේක. සිංහල කාලීන පරිවර්තනය පේතෘස් මේ වචන පවසමින් සිටියදීම, ඒ වචන අසා සිටි සියල්ලන් වෙත ශුද්ධාත්මයාණෝ පහළ වූ සේක. Sinhala New Revised Version 2018 පේදුරු මේ වචන කතා කරද්දී ම එය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන් වහන්සේ පහළ වූ සේක. Sinhala Revised Old Version පේතෘස් මේ වචන කථාකරද්දීම වචනය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන්වහන්සේ පහළවූසේක. |
එවිට පේදුරු උත්තර දෙමින්, “අප ලැබුවාක් මෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබූ ඔවුන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කිරීම වැළැක්විය හැක්කේ කවරෙකුට දැ”යි කී ය.
මා කතා කරන්නට පටන්ගත් කල, ශුද්ධාත්මයාණන් වහන්සේ මුල දී අප කෙරෙහි පහළ වූ සේ ම ඔවුන් කෙරෙහිත් පහළ වූ සේක.
සියලු සිත් දන්නා වූ දෙවියන් වහන්සේ අපට මෙන් ම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දී, ඔවුන් ද පිළිගත් අය බවට සාක්ෂි දුන් සේක.
පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් දිවැස් වැකි පැවසූ හ.
මෙසේ යාච්ඤා කළ පසු, ඔවුන් රැස් ව සිටි ස්ථානය කම්පා විය. ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළහ.