හිස යන්නෙන් අදහස් කරන්නේ වයස්ගත ගරුකටයුතු අය ය; වල්ගය යන්නෙන් අදහස් කරන්නේ මුසාවාදී දිවැසිවරු ය.
එළිදරව් 9:19 - Sinhala New Revised Version මන්ද, ඒ අශ්වයන්ගේ බලය පිහිටියේ උන්ගේ කටවලත්, වලිගවලත් ය. උන්ගේ වලිග සර්පයනට සමාන ය; හිස් සහිත වූ ඒ වලිගවලින් ඔව්හු අනතුරු කරති. සිංහල කාලීන පරිවර්තනය අශ්වයින්ගේ බලය තිබුණේ, උන්ගේ කටවල හා වල්ගාවල ය. මන්ද උන්ගේ වලිග හිස් සහිත සර්පයින්ට සමාන විණි. උන් තුවාල කළේ ඒවායිනි. Sinhala New Revised Version 2018 මන්ද, ඒ අශ්වයන්ගේ බලය පිහිටියේ උන්ගේ කටවලත්, වලිගවලත් ය. උන්ගේ වලිග සර්පයනට සමාන ය; හිස් සහිත වූ ඒ වලිගවලින් ඔව්හු අනතුරු කරති. Sinhala Revised Old Version මක්නිසාද ඒ අශ්වයන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටවලත් වල්ගාවලත්ය. එසේය, උන්ගේ වල්ගා සර්පයන්ට සමානව හිස්වලින් යුක්තවිය; ඒවායින් උන් අනතුරුකරති. |
හිස යන්නෙන් අදහස් කරන්නේ වයස්ගත ගරුකටයුතු අය ය; වල්ගය යන්නෙන් අදහස් කරන්නේ මුසාවාදී දිවැසිවරු ය.
එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙන, තරංගවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු.
ගෝනුස්සන්ගේ මෙන් වලිග සහ දළ ඔවුන්ට ඇත. මනුෂ්‍යයන්ට පස් මසක් පීඩා කිරීමේ බලය උන්ගේ වලිගවල පිහිටා තිබිණි.
උන්ගේ කටින් නික්මුණු ගිනි ද දුම් ද ගෙන්දගම් ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබූ හ.
මේ පීඩාවලින් නොමැරී ඉතිරි වූ මනුෂ්‍යයෝ තමන්ගේ අත්වලින් කළ නිර්මාණ අත් නොහළහ; දකින්නටත්, අසන්නටත්, ඇවිදින්නටත් නොහැකි, රන්, රිදී, ලෝකඩ, ගල්, ලී ආදියෙන් කළ රූපවලටත්, දුෂ්ටාත්මයන්ටත් නමස්කාර කිරීමෙන් වැළකී නොසිටියහ.