මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව.
එළිදරව් 8:4 - Sinhala New Revised Version සුගන්ධ ද්‍රව්‍යයන්හි දුම සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ දේව දූතයාගේ අතින් දෙවියන් වහන්සේ වෙත නැඟුණි. සිංහල කාලීන පරිවර්තනය ඒ සුවඳ ද්‍රව්‍යයන්හි දුම, ශුද්ධවතුන්ගේ යාච්ඤා සමඟ දේව දූතයා අතින් දෙවියන්වහන්සේ අබියසට නැංගේ ය. Sinhala New Revised Version 2018 සුගන්ධ ද්‍රව්‍යයන්හි දුම සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ දේව දූතයාගේ අතින් දෙවියන් වහන්සේ වෙත නැඟුණි. Sinhala Revised Old Version සුගන්ධ ද්‍රව්‍යයේ දුම ශුද්ධවන්තයන්ගේ යාච්ඤා සමඟ දේවදූතයාගේ අතින් දෙවියන්වහන්සේ ඉදිරියට නැංගේය. |
මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව.
දූතයා දෙස නෙත් යොමා බලා, බියපත් වී, “ස්වාමීනි, කිමෙක් දැ”යි ඇසී ය. දූතයා කතා කොට, “ඔබේ යාච්ඤා ද දාන ද සිහිවටන වශයෙන් දෙවියන් වහන්සේ ඉදිරියට නැඟී ඇත.
එවිට දේව මාලිගාව දෙවියන් වහන්සේගේ තේජසින් හා බලයෙන් නික්මුණු ධූමයෙන් පිරුණේ ය. ඒ නිසා, දේව දූතයන් සත් දෙනාගේ වසංගත සත කෙළවර වන තුරු දේව මාලිගාවට ඇතුළු වීමට කිසිවෙකුට නුපුළුවන් විය.
තවත් දේව දුතයෙක් රන් ධූම පාත්‍රයක් රැගෙන පූජාසනය ළඟ සිටියේ ය. සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේ ය.