තවද, ඔබට ඒ සිහිනය දෙවරක් ම පෙනුණේ, දෙවියන් වහන්සේ දැනට ම මේ සිද්ධිය නියම කර තිබෙන නිසාත්, නුදුරු අනාගතයේ දී එය සිදුවෙන්නට උන් වහන්සේ සලසන නිසාත් ය.
එළිදරව් 22:6 - Sinhala New Revised Version එවිට දේව දූතයා මට කතා කොට, “මේ වචන විශ්වාස කටයුතු ය, සැබෑ ය. මඳ කලෙකින් සිදුවන්නට යන දේ තමන්ගේ සේවකයන්ට පෙන්වනු පිණිස දිවැසිවරුන්ට ආනුභාවය දුන් දෙවි ස්වාමීන් වහන්සේ ස්වකීය දූතයා එවූ සේක. සිංහල කාලීන පරිවර්තනය මා ඇමතූ දේව දූතයා, “මේ වචන විශ්වාසනීය ය; සත්‍ය ය. ඉක්මනින් සිදු විය යුතු දෑතම සේවකයනට පෙන්වන පිණිස, දිවැසිවරුන්ගේ ආත්මවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තම දූතයා එවූ සේකැ” යි කී ය. Sinhala New Revised Version 2018 එවිට දේව දූතයා මට කතා කොට, “මේ වචන විශ්වාස කටයුතු ය, සැබෑ ය. මඳ කලෙකින් සිදුවන්නට යන දේ තමන්ගේ සේවකයන්ට පෙන්වනු පිණිස දිවැසිවරුන්ට ආනුභාවය දුන් දෙවි ස්වාමීන් වහන්සේ ස්වකීය දූතයා එවූ සේක. Sinhala Revised Old Version තවද ඔහු මට කථාකොට: මේ වචන විශ්වාසය, සැබෑයයි කීයේය. ටික කලකින් සිදුවන්ට ඕනෑ දේ තමන්ගේ මෙහෙකරුවන්ට පෙන්වන පිණිස අනාගතවක්තෘවරුන්ගේ ආත්මවල දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් දූතයා එවූසේකැයි මට කීයේය. |
තවද, ඔබට ඒ සිහිනය දෙවරක් ම පෙනුණේ, දෙවියන් වහන්සේ දැනට ම මේ සිද්ධිය නියම කර තිබෙන නිසාත්, නුදුරු අනාගතයේ දී එය සිදුවෙන්නට උන් වහන්සේ සලසන නිසාත් ය.
එවිට, නෙබුකද්නෙශර් මෙසේ කීවේ ය: “ෂද්‍රක්ගේත්, මේෂක්ගේ හා අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ සිය දූතයා එවා තමන්ගේ මේ සේවකයන් තිදෙනා ගළවාගත් සේක. ඔව්හු රජුගේ නියමයට පිටුපා තමන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ හ. තමන්ගේ දෙවියන් වහන්සේ හැර අන් දෙවියෙකුට සේවය කරනවාටත්, නමස්කාර කරනවාටත් වඩා ගින්නට ගොදුරුවන්නට ඔව්හු සතුටු වූ හ.
මාගේ දෙවියන් වහන්සේ තමන්ගේ දූතයන් එවා සිංහයන්ගේ කටවල් පියෙ වූ සේක. එබැවින් උන්ගෙන් මට කිසි අනතුරක් නො වී ය. මාගේ දෙවියන් වහන්සේ එසේ කෙළේ, උන් වහන්සේ ඉදිරියේ මා නිදොස් කෙනෙකු වන බැවිනි. ඇරත් රජතුමනි, ඔබ ඉදිරියේ ද මා කිසි වරදක් කර නැත.”
මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට,
ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය ජොහන්ගේ කාලය දක්වා විය. එතැන් සිට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සුබ අස්න දේශනා කරනු ලැබේ. සියල්ලෝ ම බලවත් ඕනෑකමින් ඊට ඇතුළු වෙති.
එවිට පේදුරු පියවි සිහිය ලැබ, කතා කොට, “සමිඳාණන් වහන්සේ තමන් දූතයා එවා, හෙරොද්ගේ බලයෙන් ද ජුදෙව් ජනතාවගේ සියලු බලාපොරොත්තුවලින් ද මා මිදූ බව සැබැවින් ම දනිමි”යි කී ය.
එසේ වුවත්, ස්වකීය ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳිය යුතු යයි දෙවියන් වහන්සේ සියලු දිවැසිවරයන්ගේ මුවින් පෙර දන්වා වදාළ දේ, මෙසේ සම්පූර්ණ කළ සේක.
බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවැසිවරයන් මඟින් ඒ සුබ අස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන් සේක.
දුක් විඳින ඔබට හා අපට සහනය ද දෙන සේක. මෙය සිදු වන්නේ ජේසුස් සමිඳාණන් වහන්සේ ස්වකීය බලසම්පන්න දූතයන් සමඟ ස්වර්ගයෙන් ප්‍රකාශ වන කල්හි ය.
තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරුබුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනත ව ජීවත් විය යුතු නොවේ ද?
මන්ද කිසි ම දිවැස් වැකියක් කිසි කලෙක මනුෂ්‍ය ප්‍රයත්නයකින් ඇති නො වී ය. මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගේ වචනය කතා කළහ.
ශුද්ධ දිවැසිවරුන් විසින් පළමුවෙන් කියන ලද වචන ද, ඔබගේ ප්‍රේරිතයන් විසින් ඔබට දෙන ලද ගැළවුම්කාර සමිඳාණන් වහන්සේගේ ආඥා ද සිහියට ගන්න.
දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්වූ එළිදරව්ව මේ ය. එය උන් වහන්සේට දෙන ලද්දේ ඉක්මනින් සිදු වන්නට තිබෙන දේවල් ස්වකීය සේවකයන්ට පෙන්වන පිණිස ය. ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය දූතයා එවමින් ඒ දේවල් තමන් සේවක ජොහන් හට දැන්වූ සේක.
ස්වර්ගයෙනි, සැදැහැවතුනි, ප්‍රේරිතවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.
එවිට දේව දූතයා මට කතා කොට: “බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝ ය කියා ලියන්නැ”යි කී ය. “දෙවියන් වහන්සේගේ මේ වචන සත්‍යය”යි තවදුරටත් ඔහු මට කී ය.
එවිට සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේ කතා කොට, “බලව, මම සියල්ල අලුත් කරමි!”යි වදාළ සේක. උන් වහන්සේ තවදුරටත් කතා කොට, “ලියන්න, මන්ද, මේ වචන විශ්වාස කටයුතු ය, සැබෑ ම ය”යි වදාළ සේක.
අන්තිම වසංගත සතෙන් පිරුණ පාත්‍ර සත දැරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක් තැනැත්තෙක් මා වෙත පැමිණ, “එන්න, බැටළු පෝතකයාණන්ගේ බිරිඳවන මනාලිය ඔබට පෙන්වන්නෙමි”යි කී ය.
දේව දූතයා, දෙවියන් වහන්සේගේ ද බැටළු පෝතකයාණන්ගේ ද සිංහාසනයෙන් ගලා එන, පළිඟුමෙන් විනිවිද දිලෙන, ජීවනදායක වතුර ඇති ගංගාවක් මට පෙන්වී ය.
“ජේසුස් වහන්සේ වන මම සභාවන්ගේ යහපත උදෙසා මේ දේවල් ප්‍රකාශ කරන පිණිස මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ වංශයේ මුල ද එයින් පැවත එන්නා ද වෙමි. මම සුදිළෙන පහන් තරුව වෙමි.”
මෙන්න, මම ඉක්මනින් එමි”යි කී ය. “මේ පොතේ සඳහන් දිවැස් වැකි රක්ෂා කරන්නා භාග්‍යවන්තයෙකි”යි උන් වහන්සේ වදාරන සේක.
ඉන්පසු මෙන්න, අහසේ දොරක් ඇරී තිබෙනු මම දිටිමි. හොරණෑ හඬක් මෙන් කලින් මට කතා කළ එම හඬ, “මෙහි නැඟී එන්න. මින්පසු සිදු වෙන්නට යන දේ මම ඔබට පෙන්වන්නෙමි”යි කී ය.