එළිදරව් 20:1 - Sinhala New Revised Version තවද, පාතාලයේ යතුර ද මහත් දම්වැලක් ද අතින් ගත් දේව දුතයෙකු ස්වර්ගයෙන් බැස එනු දිටිමි. සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු දේව දූතයකු පතුලක් රහිත අගාධ වළේ යතුර හා මහත් දම්වැලක් අතේ ඇතිව ස්වර්ගයෙන් බැස එනවා මම දුටුවෙමි. Sinhala New Revised Version 2018 තවද, පාතාලයේ යතුර ද මහත් දම්වැලක් ද අතින් ගත් දේව දූතයෙකු ස්වර්ගයෙන් බැස එනු දිටිමි. Sinhala Revised Old Version තවද පාතාලයේ යතුරුද අතේ මහත් දම්වැළක්ද ඇතුව දේවදූතයෙක් ස්වර්ගයෙන් බැස එනවා දුටිමි. |
පව් කළ දේව දූතයන්ට දෙවියන් වහන්සේ දඬුවම් දීමෙන් නොවැළකී, ඔවුන්ගේ විනිශ්චය සඳහා ඔවුන් වෙන් කර තැබීමට නිරයෙහි හෙළා, අන්ධකාර ගුහාවලට භාර දුන් සේක.
තමන් සතු ආධිපත්‍යයෙහි නොසිට ස්වකීය වාසභවනය අත්හැර ගිය දේව දූතයන්, උන් වහන්සේ මහා දවසේ විනිශ්චය පිණිස අන්ධකාරයට යට කොට, සදාකාල යදම්වලින් බැඳ තැබූ බවත් සිහි කරන්න.
ජීවමාන තැනැත්තා ය. මම මැරුණෙමි; එහෙත් බලන්න, මම සදහට ම ජීවත් ව සිටිමි. මරණයේ ද පාතාල ලෝකයේ ද යතුරු මට ඇත.
ඉන්පසු තවත් බලවත් දේව දුතයෙකු වලාකුළක් පැළඳ, හිස මත දේදුන්නක් දරා ස්වර්ගයෙන් බසිනු දිටිමි. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන් ද විය.
ඉන්පසු තවත් දේව දුතයෙකු මහා බලයෙන් යුක්ත ව ස්වර්ගයෙන් බැස එනු දිටිමි; ඔහුගේ තේජශ්‍රීයෙන් පොළොව ඒකාලෝක විය.
ඒ අවුරුදු දහස කෙළවර වන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස, ඔහු පාතාලයට හෙළා, එය වසා, මතුපිට මුද්‍රා තැබී ය. මින්පසු මඳ කලකට ඔහු මුදා හැරිය යුතු ය.