ඔවුන් ඇතුළු වන කල අධිපතියාත් ඔවුන් අතරේ ඇතුළු වන්නේ ය. ඔවුන් පිටතට යන කල ඔහුත් පිටතට යන්නේ ය.
එළිදරව් 2:1 - Sinhala New Revised Version “එපීස සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘සිය දකුණතෙහි තාරකා සත දරන, රන් පහන් රුක් සත මැද සක්මන් කරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. සිංහල කාලීන පරිවර්තනය “එපීසය සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “තාරකා හත තම දකුණු අතේ දරන, රන් පහන් රුක් හත මැද සක්මන් කරන තැනැත්තාණන්ගේ වචන මෙසේ ය: Sinhala New Revised Version 2018 “එපීස සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘සිය දකුණතෙහි තාරකා සත දරන, රන් පහන් රුක් සත මැද සක්මන් කරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. Sinhala Revised Old Version එපීසයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: තමන් දකුණතෙහි තාරකා සත දරන්නාවූද, රන් පහන් රුක් සත මැද සක්මන්කරන්නාවූද තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. |
ඔවුන් ඇතුළු වන කල අධිපතියාත් ඔවුන් අතරේ ඇතුළු වන්නේ ය. ඔවුන් පිටතට යන කල ඔහුත් පිටතට යන්නේ ය.
මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.”
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
ජොහන් වනාහි, දිළෙන, බැබළෙන පහනක් විය. ඔබ කලක් ඔහුගේ ආලෝකයෙහි ප්‍රමුදිත වන්නට කැමැති වූවහු ය.
ඔවුන් එපීසයට පැමිණි විට, පාවුලු ඔවුන් එහි නැවැත් වී ය. එහෙත් ඔහු ධර්මශාලාවට ගොස් ජුදෙව්වරුන් සමඟ තර්ක කෙළේ ය.
ඔවුන්ගෙන් සමුගනිමින්, “දෙවියන් වහන්සේ කැමැති සේක් නම් ඔබ වෙතට නැවත එන්නෙමි” කියා එපීසයෙන් නැව් නැංගේ ය.
තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටිය දී, පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට, එපීසයට පැමිණියේ ය. එහි දී ඔහුට සමහර ශ්‍රාවකයෝ හමු වූ හ.
දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.”
දකුණතෙහි තාරකා සතක් විය; උන් වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මිණි. උන් වහන්සේගේ මුහුණ මද්දහනේ හිරු මෙන් දීප්තිමත් ව බැබළිණි.
මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා සතෙහි ද රන් පහන් රුක් සතෙහි ද ගුප්තාර්ථය මේ ය; තාරකා සත නම් සභා සතේ දූතයෝ ය; පහන් රුක් සත නම් සභා සත ය.
තවද අහසෙහි පුදුම ලකුණක් විය. එනම්, සූර්යයා පැළඳගෙන, පාද යට සඳ මඬල ද හිස මත තාරකා දොළසකින් යුත් කිරුළක් ද ඇති ස්ත්‍රියකි.
“පෙර්ගමම් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘දෙමුවහත් තියුණු කඩුව දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.
“තියාතිරා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘ගිනි දැල්ලක් වැනි ඇස් ද, ඔපයෙන් දිළිසෙන ලෝකඩ වැනි පාද ද ඇති දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මෙසේ වදාරන සේක.
“ස්මර්ණායේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘පළමුවැන්නා ද අන්තිමයා ද වන, මැරුණ නමුත් ජීවත් ව සිටින තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක.
“සර්දිස් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘දෙවියන් වහන්සේගේ ආත්මයන් සත් දෙනා හා තාරකා සත දරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. ඔබේ ක්‍රියා මම දනිමි. නමින් ඔබ ජීවත් ව සිටියත්, සැබැවින් ම ඔබ මළ කෙනෙකි.
“ලවෝදීසයේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘විශ්වාසවන්ත, සත්‍ය සාක්ෂිකාරයාණන් වන දෙවියන් වහන්සේගේ මැවිල්ලේ කර්තෘ වූ ආමෙන් නම් තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.
“පිලදෙල්පියා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘ශුද්ධ වූ, සත්‍ය වූ, දාවිත්ගේ යතුර ඇත්තා වූ ද, කිසිවෙකු නොපියන ලෙස දොර අරින්නා වූ ද කිසිවෙකු නාරින ලෙස එය පියන්නා වූ ද තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.