මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ගොග් රජුට මෙසේ වදාරන සේක: “ඒ කාලයෙහි නුඹේ සිතට පහළ වූ අදහසින් නුඹ නපුරු ක්‍රම යොදාගත්තෙහි ය.
එළිදරව් 17:13 - Sinhala New Revised Version මොවුහු එක ම අරමුණක් ඇති ව, තමන්ගේ පරාක්‍රමයත් බලයත් මෘගයාට දෙති. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු එක සිතින් තමන්ගේ බලයත්, ආධිපත්‍යයත් මෘගයාට පවරා දෙති. Sinhala New Revised Version 2018 මොවුහු එක ම අරමුණක් ඇති ව, තමන්ගේ පරාක්‍රමයත් බලයත් මෘගයාට දෙති. Sinhala Revised Old Version මොව්හු එක්සිත්ව තමුන්ගේ පරාක්‍රමයත් බලයත් මෘගයාට දෙති. |
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ගොග් රජුට මෙසේ වදාරන සේක: “ඒ කාලයෙහි නුඹේ සිතට පහළ වූ අදහසින් නුඹ නපුරු ක්‍රම යොදාගත්තෙහි ය.
කෙසේ වෙතත්, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට ඔබින ලෙස ම හැසිරෙන්න. එවිට ඔබ දැකීමට මා ආවත්, නාවත්, ඔබ ස්ථීර ව, එක්සත් ව සිටින බව ද, ඔබ හැම, එකෙකු මෙන් සුබ අස්නේ ඇදහිල්ල සඳහා වීර්ය කරන බව ද,
එසේ නම්, ඔබ එක සමාන චේතනා ඇති ව, එක ම ප්‍රේමයෙන් බැඳී, එක ම අරමුණකින් එක්සිත් ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න.
මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”
මන්ද, දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වන තුරු උන් වහන්සේගේ කැමැත්ත කිරීමට, තමන්ගේ රාජ්‍යය එක්සිත් ව මෘගයාට දෙන ලෙස, උන් වහන්සේ ඔවුන්ගේ සිත් කැමැති කරවූ සේක.