ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 2:61 - Sinhala New Revised Version

පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත්, ගිලියදීය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත්, ගිලියදීය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයොත් හක්කොශ්ගේ පුත්‍රයොත් ගිලියදිය බර්සිල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවකු පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයොත්ය.

පරිච්ඡේදය බලන්න



එස්රා 2:61
7 හුවමාරු යොමු  

දාවිත් රජු මහනයිම් නගරයට පැමිණි විට අම්මොන්වරුන්ට අයිති රබ්බාහි නාහාෂ්ගේ පුත් ෂෝබි ද ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර් ද රොගේලීම්හි ගිලියද් ජාතික බර්ශිල්ලයි ද


“එහෙත්, ගිලියද් ජාතික බර්ශිල්ලයිගේ පුත්‍රයන් හට කරුණාව පෙන්වා, ඔවුන්ට ඔබේ මේසයෙන් ආහාර පාන අනුභව කරන්නට අවසර දෙන්න. මන්ද, ඔබේ සහෝදර වූ අබ්සලොම්ගෙන් මා පලා ගිය විට ඔව්හු එලෙස මා ළඟට පැමිණියෝ ය.


හත් වැනි එක හක්කොශ්ට ය; අට වැනි එක අබියාට ය;


දෙලායාගේ පුත්‍රයෝ ද ටෝබියාගේ පුත්‍රයෝ ද නොකෝදාගේ පුත්‍රයෝ ද යන මොවුහු හයසිය පණස්දෙදෙනෙක් ය.


ඔවුන්ට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව මෙෂේශබෙල්ගේ පුත් බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් එය අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව බානාගේ පුත්‍ර ශාදොක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.