ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 1:9 - Sinhala New Revised Version

බඩු ලැයිස්තුව මෙසේ ය: රන් තලි තිහකි, රිදී තලි දහසකි, විවිධ බඳුන් විසිනවයකි;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

බඩු ලැයිස්තුව මෙසේ ය: රන් තලි තිහකි, රිදී තලි දහසකි, විවිධ බඳුන් විසිනවයකි;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒවායේ ගණන නම්: රන් තළි තිහකුත් රිදී තළි දහසයකුත් පිහියා විසිනවයකුත්,

පරිච්ඡේදය බලන්න



එස්රා 1:9
14 හුවමාරු යොමු  

තනි රනින් කළ බඳුන් ද පහන් කතුරු ද තැටි ද පාත්‍ර ද ධූම පාත්‍ර ද ඇතුළු මැදුර වන අතිශුද්ධස්ථානයේ දොරවලටත්, මාලිගාවේ දොරවලටත් රන් සරණේරු ද සෑදෙව්වේ ය.


ගිනි කබල් ද තාලි ද රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නා ලදී.


වැඩ නිම කළ පසු ඔව්හු ඉතිරි මුදල රජු සහ ජෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝ ය. එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට භාණ්ඩ එනම්, මෙහෙයටත්, පූජා ඔප්පු කිරීමටත් බඩු ද හැඳි ද රන් රිදී භාජන ද සාදන ලද්දේ ය. ජෙහෝයාදාගේ මුළු කාලයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දවන යාග පූජා නිතර ම ඔප්පු කරන ලද්දේ ය.


තවද, හූරාම්, සැළිත්, හැඳිත්, තාලිත් සෑදුවේ ය. මෙසේ හූරාම් දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සලමොන් රජ උදෙසා කළ වැඩ ඉෂ්ට කොට නිම කෙළේ ය.


ඔහු මේස දහයක් ද සාදා, පහක් මාලිගාවේ දකුණේ ද පහක් වමේ ද තැබුවේ ය. ඔහු රන් තලි සියයකුත් සෑදුවේ ය.


රන් ධූම පාත්‍ර තිහකි, දෙ වන තරමේ රිදී පාත්‍ර හාරසිය දහයකි, වෙනත් භාණ්ඩ දහසකි;


රිදී මෙට්රික් ටොන් විසිදෙකකුත්, කිලෝග්‍රෑම් හැත්තෑවක් බර ඇති රිදී භාණ්ඩ සියයකුත්, රන් කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකුත්,


කිලෝග්‍රෑම් අටයි දශම හතරක් බර ඇති රන් තලි විස්සකුත්, රන් මෙන් අනර්ඝ වූ හොඳ දීප්තිමත් ලෝකඩ භාජන දෙකකුත් කිරා ඔවුන් අතට දිනිමි.


මෙසේ පූජකයෝත්, ලෙවීවරුත් කිරන ලද ඒ රිදී ද රන් ද භාණ්ඩ ද ජෙරුසලමේ අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන පිණිස භාරගත්හ.”


ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.


ඈ ද සිය මවගේ උපදෙස් අනුව, “ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා මෙහි දී මට දුන මැනවැ”යි කීවා ය.