ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් 8:7 - Sinhala New Revised Version

එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් රැජිනටත්, ජුදෙව් ජාතික මොර්දෙකයිටත් කතා කොට, “හාමාන්ගේ ගෙය එස්තර්ට දිනිමි. ඔහු ජුදෙව්වරුන්ට විරුද්ධ ව කළ කුමන්ත්‍රණය නිසා ඔහු එල්ලුම් ගහේ එල්ලා දැමීමට සැලැස්සුවෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවටත් යුදෙව්වාවූ මොර්දෙකයිටත් කථාකොට: හාමාන්ගේ ගෙය එස්තර්ට දුනිමි, ඔහු යුදෙව්වරුන් පිට අත හෙළූ නිසා ඔහු එල්ලුම් ගහේ එල්ලාදැමුවෝය.

පරිච්ඡේදය බලන්න



එස්තර් 8:7
7 හුවමාරු යොමු  

අහස්වේරොෂ් රජකමට පත් වූ මුල් කාලයේ දී ඔව්හු ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට විරුද්ධ ව චෝදනාවක් ලියා ඉදිරිපත් කළහ.


එසේ හාමාන් විසින් මොර්දෙකයිට සාදන ලද එල්ලුම් ගහේ ම හාමාන් එල්ලා දමනු ලැබී ය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳිණි.


නපුංසකයන්ගෙන් එක් කෙනෙකු වන හර්බෝනා රජු ඉදිරියෙහි කතා කොට, “එපමණක් නොව, රජුගේ ජීවිතය බේරාගත් මොර්දෙකයි එල්ලීමට හාමාන් මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් ඔහුගේ ගෙදර ම ඉදි කරවා තිබේ ය”යි කී ය. “මොහු එසේ එල්ලා දමන්නැ”යි රජතුමා කීවේ ය.


ඒ දවසේ දී අහෂ්වේරොෂ් රජ ජුදෙව්වරුන්ගේ සතුරා වූ හාමාන්ගේ ගේදොර එස්තර් රැජිනට දුන්නේ ය. තවද, මොර්දෙකයි රජතුමා ඉදිරිපිටට පැමිණියේ ය. මන්ද, එස්තර් හා මොර්දෙකයි අතර ඇති නෑකම රජුට දන්වා තිබිණි.


සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි: දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි.


“ගසක එල්ලනු ලබන සියල්ලෝ සාප ලද්දෝ ය”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ, ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත් සේක.