එවිට හාමාන් වස්ත්‍රය ද අශ්වයා ද රැගෙන ගොස්, මොර්දෙකයි සරසා, ඔහු නුවර වීදිය දිගේ අසුපිටින් ගෙන යමින්, “රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට එතුමා විසින් මෙසේ කරනු ලැබේ ය”යි ඔහුට පෙරටුව ප්‍රකාශ කරමින් ගියේ ය.
එස්තර් 6:7 - Sinhala New Revised Version “රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කළ යුතු ය: Sinhala Revised Old Version රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමති මනුෂ්‍යයාට මෙසේ කළ යුතුය– |
එවිට හාමාන් වස්ත්‍රය ද අශ්වයා ද රැගෙන ගොස්, මොර්දෙකයි සරසා, ඔහු නුවර වීදිය දිගේ අසුපිටින් ගෙන යමින්, “රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට එතුමා විසින් මෙසේ කරනු ලැබේ ය”යි ඔහුට පෙරටුව ප්‍රකාශ කරමින් ගියේ ය.
හාමාන් ඇතුල් වූ විට රජතුමා ඔහුට කතා කොට, “රජු ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට කළ යුත්තේ කුමක් දැ”යි ඇසුවේ ය. එවිට හාමාන්, “මා මිස රජු ගෞරව කරන්නට කැමැති වෙන කෙනෙක් නැතැ”යි සිතාගෙන, රජුට මෙසේ පිළිතුරු දෙමින්,
රජ්ජුරුවන් පළඳින රාජ වස්ත්‍රයක් ද රජ්ජුරුවන් නැඟයන, රාජකීය ඔටුන්නක් හිසේ දරන අශ්වයා ද ගෙනවුත්,
වස්ත්‍රය ද අශ්වයා ද රජුගේ ඉතා උතුම් අධිපතීන්ගෙන් එක් කෙනෙකු අතට භාර දෙන්නත්, රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට එය පළඳවා ඔහු අශ්වයා පිට නංවා නුවර වීදිය දිගේ ගෙන යමින්, ‘රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේ ය’යි ඔහුට පෙරටුවෙන් ප්‍රකාශ කරමින් යන්නත් යෙදේ වා”යි කී ය.