එස්තර් 6:13 - Sinhala New Revised Version තමාට සිදු වූ සියල්ල තම බිරිඳ වන සෙරෙෂ්ට ද තමාගේ සියලු මිත්‍රයන්ට ද කීවේ ය. එවිට ඔහුගේ උපදේශකයෝ ද ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුට කතා කොට, “ඔබ මොර්දෙකයි ඉදිරියෙහි පිරිහීයන්නට පටන්ගත්තෙහි ය. ඔහු ජුදෙව් වංශයේ කෙනෙක් නම්, ඔහුට විරුද්ධ ව සිටින්න ඔබට නොහැකි ය. ඔහු ඉදිරියෙහි ඔබ නිසැක ව පිරිහී වැටී ඇතැ”යි කී හ. Sinhala Revised Old Version තමාට සිද්ධවූ සියල්ල තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ටද තමාගේ සියලු මිත්‍රයින්ටද කීවේය. එවිට ඔහුගේ උපදේශකයෝද ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුට කථාකොට: නුඹ මොර්දෙකයි ඉදිරියෙහි වැටෙන්ට පටන්ගත්තෙහිය, ඔහු යුදෙව් වංශයේ කෙනෙක් නම් ඔහුට විරුද්ධව සිටින්ට නුඹට බැරිවෙයි, ඔහු ඉදිරියෙහි නුඹ වැටෙනවාම ඇතැයි කීවෝය. |
දින තුනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර, ඔබ ගසක එල්ලන්නේ ය. කුරුල්ලෝ ඔබේ සිරුරෙන් මස් කොටා කන්නෝ ය”යි කී ය.
උදෑසන ඔහුගේ සිත කැළෙඹන්නට විය. ඔහු මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයන් හා ප්‍රාඥායන් සියල්ලන්ට පණිවුඩ යවා, ඔවුන් කැඳවා, ඔවුන්ට තම සිහිනය දැන්වී ය. එහෙත්, පාරාවෝට එය තේරුම්කර දීමට පුළුවන් කිසිවෙක් නො වී ය.
අඳුරු දවස ඔහු බිය ගන්වයි. සටනට සැරසුණු බලවත් නිරිඳෙකු මෙන් විපත්තිය හා වේදනාව ඔහුට පහර දෙයි.
එවිට රජතුමා අතිශයෙන් කෝපාවිෂ්ඨ වී බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මරාදමන්න නියම කෙළේ.
මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.
නැවත වරක් සමිඳාණන් වහන්සේ ශුද්ධ කන්දෙහි ජුදා රට තමන්ගේ ම විශේෂ උරුමයක් කරගෙන, ජෙරුසලම තමන්ගේ ප්‍රියතම නුවර කරගන්න සේක.
සිහ රදෙකු මෙන්, සිහ දෙනක මෙන්, ඉශ්රායෙල් ජනයා, හිස ඔසවා බිම වැතිරෙති. උන් අවදි කරන්නට සමතා කවරෙක් ද? ඔබට ආසිරි දෙන්නා ආසිරි ලද්දෙකි; ඔබට සාප දෙන්නා සාප ලද්දෙකි.”
කාන්තාර රටක දී, බියකරු පාළුකරයේ දී, ඔවුන් හමු වී, එතුමාණෝ, තම දෙනෙත මෙන් ඔවුන් රැකබලා ඔවුන්ට උපදෙස් දී, මඟපෙන්වූ සේක.