එවිට ඈ, “මම එක සුළු ඉල්ලීමක් ඔබෙන් ඉල්ලමි. එය නොදී නොසිටිය මැනව”යි කී විට, රජ ද, “මාගේ මෑණියනි, ඉල්ලන්න. මම එය ඔබට නොදී සිටින්නේ නැතැ”යි ඈට කීවේ ය.
එස්තර් 5:3 - Sinhala New Revised Version එකල රජතුමා ඈට කතා කොට, “එස්තර් රැජිනියනි, ඔබේ වුවමනාව කුමක් ද? ඔබේ අයැදීම කුමක් ද? ඔබ ඉල්ලන කුමන දෙයක් වුව ද, රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබට දෙන්නෙමි”යි කීයේ ය. Sinhala Revised Old Version එකල රජ ඈට කථාකොට: එස්තර් බිසව, නුඹට ඕනෑ මොකද? නුඹේ අයදීම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් නුඹට දෙනු ලැබේයයි කීයේය. |
එවිට ඈ, “මම එක සුළු ඉල්ලීමක් ඔබෙන් ඉල්ලමි. එය නොදී නොසිටිය මැනව”යි කී විට, රජ ද, “මාගේ මෑණියනි, ඉල්ලන්න. මම එය ඔබට නොදී සිටින්නේ නැතැ”යි ඈට කීවේ ය.
ගිබියොන්හි දී සමිඳාණන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන්ට දර්ශනය වූ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැ”යි වදාළ සේක.
එවිට රජතුමා කතා කොට, “ඔබ ඉල්ලා සිටින්නේ කුමක් දැ”යි මාගෙන් ඇසී ය. එවිට, මම ස්වර්ගයේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට,
එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් වහන්සේට යහපතැ යි පෙනේ නම්, මා රජතුමාට පිළියෙළ කර තිබෙන මංගල භෝජනයට රජතුමා ද හාමාන් ද අද එනු මැනව”යි කීවා ය.
රජතුමා මිදියුස පානය කරමින් සිටිය දී එස්තර්ට කතා කොට, “ඔබේ ඉල්ලීම කුමක් ද? ඔබට එය දෙනු ලබන්නේ ය. ඔබේ අයැදුම කුමක් ද? රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබ ඉල්ලුවොත් එය ඔබට දෙන්නෙමි”යි කීවේ ය.
දෙ වන දවසේත් මුද්‍රික පානය කරන විට රජතුමා එස්තර්ට කතා කොට, “එස්තර් රැජිනියනි, ඔබේ ඉල්ලීම කුමක් ද? එය ඔබට දෙනු ලැබේ. ඔබේ අයැදුම කුමක් ද? එය මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද දෙන්නෙමි”යි කී ය.
එවිට රජු එස්තර් රැජිනට කතා කොට, “සූසා අගනුවර පමණක් ජුදෙව්වරු මිනිසුන් පන්සියයක් ද හාමාන්ගේ පුත්‍රයන් දස දෙනා ද මරා දැමූ හ. රජුගේ සෙසු ප්‍රදේශවල ඔවුන් කුමක් කර ඇද් ද? ඉතින් ඔබේ ඉල්ලීම කුමක් ද? එය ඔබට දෙනු ලැබේ. ඔබ තවත් අයැදින්නේ කුමක් ද? එය ඉල්ලූ පමණින් ඉෂ්ට කරනු ලැබේ ය”යි කීවේ ය.
තවද, “ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත්, ඔබට දෙමි”යි ඔහු ඇයට දිවුරුම් දුන්නේ ය.
“මා ඔබට කුමක් කර දෙනවාට කැමැත්තෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. “ස්වාමීනි මාගේ පෙනීම මට ලබා දුන මැනවැ”යි ඔහු කී ය. ජේසුස් වහන්සේ කතා කරමින්,
එකල සේනාධිපතියා ඔහු අතින් අල්ලා ගෙන පසෙකට ගොස්, “මට දන්වන්නට තිබෙන කාරණය කුමක් දැ”යි ඇසී ය.