“ජාකොබ් අපේ පියා සතු සියල්ල පැහැරගත්තේ ය. අපේ පියා සතු දෙයින් ඔහු තම සියලු සම්පත් ලබා ගත්තේ ය” කියා ලාබන්ගේ පුතුන් කියනු ජාකොබ්ට ඇසිණි.
එස්තර් 5:11 - Sinhala New Revised Version තමාගේ වස්තුවේ යස ඉසුරු ගැන ද, දරුවන් සමූහය ගැන ද, රජු විසින් තමා උසස් කරනු ලැබූ හැටි ද රජුගේ සෙසු අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා උසස් කරනු ලැබූ හැටි ද යනාදී සියල්ල ගැන පුරසාරම් දෙඩුවේ ය. Sinhala Revised Old Version තමාගේ වස්තුවේ ඓශ්චර්යයද තමාගේ දරුවන් රාශියද රජ විසින් තමා උසස්කළ හැටිද රජුගේ අනික් අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා ප්‍රධානකළ හැටිද යනාදිවූ සියල්ල පැවසුවේය. |
“ජාකොබ් අපේ පියා සතු සියල්ල පැහැරගත්තේ ය. අපේ පියා සතු දෙයින් ඔහු තම සියලු සම්පත් ලබා ගත්තේ ය” කියා ලාබන්ගේ පුතුන් කියනු ජාකොබ්ට ඇසිණි.
එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ යස ඉසුර ද තමාගේ මහිමශ්‍රීයේ තේජස හා අලංකාරය ද බොහෝ දවස් එනම්, දවස් එකසිය අසූවක් මුළුල්ලේ ප්‍රදර්ශනය කෙළේ ය.
මේ සිදුවීම්වලට පසු අහෂ්වේරොෂ් රජ, ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ට බුහුමන් දක්වමින්, ඔහු උසස් තත්ත්වයකට පමුණුවා, තමා වෙත සිටි සියලු අධිපතීන්ට වඩා උත්තම නිලයක් ඔහුට දුන්නේ ය.
මොර්දෙකයි නිල් හා සුදු පාට රාජ වස්ත්‍ර ද ලොකු රන් ඔටුන්නක් ද රත්නිල් සිහින් හණ සළුවක් ද පැළඳගෙන රජු ඉදිරියෙන් පිටතට ගියේ ය. සූසා නගරයේ වැසියෝ ප්‍රීති ඝෝෂා කළහ.
සිය ධන සම්පත් කෙරේ විශ්වාසය තැබූ, සිය වස්තු සම්භාරය නිසා අහංකාර වූ අය මා අවටින් සිටින විට, මම කිසිසේත් බිය නොවන්නෙමි.
තම විමුක්තිය තමාට ම සාදා ගත නොහැකි ය; ජීවිතය සඳහා මිදීමේ මිලය දෙවිඳුන්ට ගෙවීමට ඔහුට නුපුළුවන.
ඔබ එසේ කළ බැවින් මම සදහට ම ඔබ පසසන්නෙමි. ඔබේ සැදැහැවතුන් අබිමුව ඔබේ නම යහපත් ය. එබැවින් මම එය පතුරා හරින්නෙමි.
සක්මන් කරමින් සිටිය දී ඔහු මෙසේ කීවේ ය: “එම්බා ශ්‍රේෂ්ඨ බබිලෝනිය, මාගේ රජවාසල වශයෙන් ද මාගේ රාජශ්‍රීයේ ගෞරවය උදෙසා ද මාගේ බලපරාක්‍රමයෙන් මා විසින් ගොඩනඟන ලද නගරය තී නොවේ ද?”
ශ්‍රාවකයෝ ද ඒ අසා විස්මයට පත්වූ හ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළ සේක; “දරුවෙනි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර ද?
උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න.