ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් 5:10 - Sinhala New Revised Version

එසේ වුවත්, ඔහු කෝපය සංසිඳුවාගෙන, ගෙට අවුත් තමාගේ මිත්‍රයන් ද තමාගේ බිරිඳ වන සෙරෙෂ් ද කැඳවාගෙන,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේ වුවත් ඔහු කෝපය සංසිඳුවාගන, ගෙට ඇවිත් තමාගේ මිත්‍රයන්ද තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ද කැඳවාගෙන,

පරිච්ඡේදය බලන්න



එස්තර් 5:10
6 හුවමාරු යොමු  

එවිට ජෝසෙප්ට තමා ළඟ සිටි පිරිවර ඉදිරියේ තමන් සිත වාවාගත නොහැකි වී, “සියල්ලන් ම මා වෙතින් ඉවතට යන්න හරින්නැ”යි හඬනැඟුවේ ය. මෙසේ ජෝසෙප් ඔහුගේ සහෝදරයන්ට තමන් ම හඳුන්වා දෙන විට ඔහු සමඟ අන් කිසිවෙක් එහි නොසිටියේ ය.


තමාගේ වස්තුවේ යස ඉසුරු ගැන ද, දරුවන් සමූහය ගැන ද, රජු විසින් තමා උසස් කරනු ලැබූ හැටි ද රජුගේ සෙසු අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා උසස් කරනු ලැබූ හැටි ද යනාදී සියල්ල ගැන පුරසාරම් දෙඩුවේ ය.


තමාට සිදු වූ සියල්ල තම බිරිඳ වන සෙරෙෂ්ට ද තමාගේ සියලු මිත්‍රයන්ට ද කීවේ ය. එවිට ඔහුගේ උපදේශකයෝ ද ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුට කතා කොට, “ඔබ මොර්දෙකයි ඉදිරියෙහි පිරිහීයන්නට පටන්ගත්තෙහි ය. ඔහු ජුදෙව් වංශයේ කෙනෙක් නම්, ඔහුට විරුද්ධ ව සිටින්න ඔබට නොහැකි ය. ඔහු ඉදිරියෙහි ඔබ නිසැක ව පිරිහී වැටී ඇතැ”යි කී හ.


කෝප වීමට ඉක්මන් නොවන්න. මන්ද, කෝපය සිතේ තබාගැනීම අනුවණකමකි.