ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් 1:6 - Sinhala New Revised Version

එහි සුදු හා දම් පාට තිර, සිහින් හණ ලණුවලිනුත්, රත්නිල් ලණුවලිනුත්, රිදී මුදුවලට සවි කර, කිරිගරුඬ කුළුණුවලට බැඳ තිබිණි. එහි රතු, සුදු, කහ, කළු යන පාට ඇති මැණික් ගල් අල්ලන ලද බිමක් මත රන් රිදී යහන් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහි සුදු පාටද කොළ පාටද නිල් පාටද ඇති තිර සිහින් හණ ලනුවලිනුත් රත්නිල් ලනුවලිනුත් රිදී මුදුවලින් සුදුගල් කුළුනුවලට බැඳ තිබුණේය. රතු සුදු කහ කළු යන පාට ඇති ගල් අල්ලාපු බිමක් පිට රන් රිදී යහන් වූහ.

පරිච්ඡේදය බලන්න



එස්තර් 1:6
10 හුවමාරු යොමු  

රාජකීය උයනෙන් භෝජන ශාලාවට රජු හැරී ආ විට හාමාන් එස්තර් උන් යහන පිට වැටී උන්නේ ය. එවිට රජතුමා කතා කරමින්, “මාලිගාවේ මා ඉදිරිපිට දී මොහු රැජිනටත් බලහත්කාරකම් කරන්නට යන්නේ දැ”යි කීවේ ය. මේ වචනය රජුගේ මුඛයෙන් නික්මුණු හැටියේම නපුංසකයෝ හාමාන්ගේ මුහුණ වැසූ හ.


මොර්දෙකයි නිල් හා සුදු පාට රාජ වස්ත්‍ර ද ලොකු රන් ඔටුන්නක් ද රත්නිල් සිහින් හණ සළුවක් ද පැළඳගෙන රජු ඉදිරියෙන් පිටතට ගියේ ය. සූසා නගරයේ වැසියෝ ප්‍රීති ඝෝෂා කළහ.


“තවද, නුඹ නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණ පිළියෙන් ද කළ තිර දහයකින් මණ්ඩපය සෑදිය යුතු වේ. ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කොට තිබිය යුතු වේ.


එය ඉදිරිපිට පිළියෙළ කරන ලද මේසයක් උඩ නුඹ මාගේ සුවඳ ද්‍රව්‍ය ද මාගේ තෙල් ද තැබුවෙහි ය.


හැම පූජාසනයක් පාසා ඔවුන් උකසට ගත් වස්ත්‍ර එළාගෙන ඒ මත දිගා වී සිටිති; දඩයට යටත් වූවන්ගෙන් ගත් මුද්‍රික පානය ඔව්හු තම තමන්ගේ දේවාලවල දී බොති.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරමින්, “එඬේරෙකු, සිංහයාගේ කටින් බැටළුවෙකුගේ කකුල් දෙක හෝ කනින් කෑල්ලක් හෝ ගළවාගන්නාක් මෙන් දෙවියන් වහන්සේ සමාරියේ වසන ඉශ්රායෙල් ජනයා ගළවාගන්න සේක. ගළවනු ලබන්නේ, ඇඳක ලී පතුරක් හෝ කෑල්ලක් හෝ වැනි, ඉතා ස්වල්ප දෙනෙක් පමණි.


සුඛෝපභෝගී කදිම යහන්වල හාන්සිවන, කවිච්චිවල දිගා වී සිටින්න ප්‍රිය කරන, වහු මස් හා එළු මස් කාදමන ඔබට වන විපතක මහත!


එහෙත්, සාවුල් අකමැති ව, “මම නොකමි”යි කී ය. කෙසේ වෙතත් ඔහුගේ සේවකයෝ ද ඒ ස්ත්‍රිය ද ඔහුට පෙරැත්ත කළ නිසා ඔහු ඔවුන්ගේ කීමට ඇහුම්කන් දී බිමින් නැඟිට ඇඳේ හිඳගත්තේ ය.