ඔහුට රාජකීය, වංශවත්, භාර්යාවෝ සත්සියයක් හා උපභාර්යාවෝ තුන්සියයක් සිටියෝ ය. ඒ භාර්යාවෝ ඔහුගේ සිත නොමඟ යැවූ හ.
එස්තර් 1:18 - Sinhala New Revised Version පර්සියාවේ ද මේදියාවේ ද වංශවත් ස්ත්‍රීන්ට බිසවගේ ක්‍රියාව ගැන සැළ වුණු විට, රජුගේ සියලු අධිපතීන්ට එපවත් අද දවසේ දී ම කියනු ඇත. ඒ හේතුවෙන් අපහාස ද උදහස ද බොහෝ සෙයින් හට ගනු ඇත. Sinhala Revised Old Version පාර්සියාවේද මේදියාවේද වංශවත් ස්ත්‍රීන්ට බිසවගේ ක්‍රියාව ගැන සැලවුණාම රජුගේ සියලු අධිපතීන්ට අද දවසේදී එසේම කියනවා ඇත. එයින් සුළුකම්කිරීමද උදහසද බොහෝසෙයින් හටගන්නවා ඇත. |
ඔහුට රාජකීය, වංශවත්, භාර්යාවෝ සත්සියයක් හා උපභාර්යාවෝ තුන්සියයක් සිටියෝ ය. ඒ භාර්යාවෝ ඔහුගේ සිත නොමඟ යැවූ හ.
මන්ද, බිසවගේ මේ ක්‍රියාව සියලු ස්ත්‍රීන්ට සැළ වුණ විට, ‘අහෂ්වේරොෂ් රජතුමා ඉදිරියට වස්තී බිසව කැඳවාගෙන එන්නට අණ කළ නමුත් ඈ නොපැමිණියා ය’යි ඔවුන් කියා තමන්ගේ පුරුෂයන් සුළු කොට සිතනු ඇත.
රජතුමෙනි, ඔබ සතුටු නම්, වස්තී තවත් අහෂ්වේරොෂ් රජු ඉදිරියට නොඑන ලෙස රජ්ජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ කළ මැනව. එය වෙනස් නොවන පිණිස පර්සිවරුන්ගේ ද මේදවරුන්ගේ ද නීති ග්‍රන්ථවල ලියා තබන්නට සැලැසුව මැනව. ඇගේ අගබිසෝකම ද ඈට වඩා සුදුසු තැනැත්තියකට රජ්ජුරුවන් විසින් දෙනු ලැබේ වා!