උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය; මුළු පොළොවට පියකරු ය.
එසකියෙල් 8:5 - Sinhala New Revised Version උන් වහන්සේ ද කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස් දැන් උතුරු දෙසට ඔසවන්නැ”යි මට වදාළ සේක. උතුරු දෙසට මාගේ ඇස් එසෙවූ කල පූජාසනයේ දොරටුවට උතුරෙන්, ඇතුළු වන තැන, ද්වේෂය උපදවන ඒ නින්දිත රූපය තිබෙනු මම දිටිමි. Sinhala New Revised Version 2018 උන් වහන්සේ ද කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස් දැන් උතුරු දෙසට ඔසවන්නැ”යි මට වදාළ සේක. උතුරු දෙසට මාගේ ඇස් එසෙවූ කල පූජාසනයේ දොරටුවට උතුරෙන්, ඇතුළු වන තැන, ද්වේෂය උපදවන ඒ නින්දිත රූපය තිබෙනු මම දිටිමි. Sinhala Revised Old Version උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස් දැන් උතුරු දෙසට ඔසවන්නැයි මට කීසේක. මම උතුරු දෙසට මාගේ ඇස් එසෙවු කල පූජාසනයේ දොරටුවට උතුරෙන්, ඇතුල්වෙන තැන, ඒ ජ්වලිතකම උපදවන රූපය තිබෙනවා දුටිමි. |
උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය; මුළු පොළොවට පියකරු ය.
මිසදිටු ගිරිකුළු දේවාලවලින් ඔව්හු එතුමාණන් කුපිත කළෝ ය. ඔවුන්ගේ පිළිම රූපවලින් එතුමාණන්ගේ කෝපය ඇවිස්සුවෝ ය.
පාළු කඳු දෙසට ඇස් ඔසවා බලා, නුඹ වේශ්‍යාකම් නොකළ තැනක් ඇද්දැ යි බලන්න. කාන්තාරයේ බලා සිටින අරාබියෙකු සේ පෙම්වතුන් එන තෙක් නුඹ පාර අයිනේ බලා සිටියෙහි ය. නුඹේ දූෂිත වේශ්‍යාකම් නිසා නුඹ දේශය අපවිත්‍ර කෙළෙහි ය.
ජුදාවේ සෙනඟ මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර ඇත. ඔවුන් මාගේ නාමය දරන මාලිගාවේ මා පිළිකුල් කරන ඔවුන්ගේ දේව රූප තබා එය දූෂ්‍ය කර ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය.
“එබැවින් ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ දිවුරා කියමි. නුඹේ සියලු අශික්ෂිතකම්වලින් ද නුඹේ සියලු පිළිකුල්කම්වලින් ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කළ නිසා සැබැවින් ම මමත් නුඹ නිර්දය ලෙස වනසාලන්නෙමි. මම ද නුඹට කරුණා නොකරන්නෙමි; අනුකම්පාව නොපෙන්වන්නෙමි.
එතුමා අතක් වැන්නක් දිගු කොට මාගේ හිසේ කෙස් රොදකින් මා අල්ලාගත්තේ ය. දේවාත්මානුභාවය ද දෙවියන් වහන්සේගෙන් වූ දර්ශනය මඟින් පොළොවටත්, අහසටත් අතරේ මා උසුලාගෙන ගොස්, ජෙරුසලමේ උතුරු දෙස තිබෙන, දේව උදහස උපදවන ද්වේෂ සහගත රූපයක් ඇති ඇතුළු දොරටුවට මා පැමිණෙවුවේ ය.