එක් ගංගාවක් ඇත. එහි දිය පාරවල් ගලා ගොස්, අපේ උතුම් දෙවිඳුන්ගේ ශුද්ධ මණ්ඩපය වන දෙව් නුවරට සතොස ගෙන දෙයි.
එසකියෙල් 47:1 - Sinhala New Revised Version පසු ව ඒ මනුෂ්‍යයා දේව මාලිගාවේ දොරකඩ ළඟට මා නැවත පැමිණෙව්වේ ය. එවිට දේව මාලිගාවේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලා යන බව මම දිටිමි. මන්ද, දේව මාලිගාවේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේ ය. ඒ වතුර දේව මාලිගාවට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් එළිපත්ත යටින් ගලා ආවේ ය. Sinhala New Revised Version 2018 පසු ව ඒ මනුෂ්‍යයා දේව මාලිගාවේ දොරකඩ ළඟට මා නැවත පැමිණෙව්වේ ය. එවිට දේව මාලිගාවේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලා යන බව මම දිටිමි. මන්ද, දේව මාලිගාවේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේ ය. ඒ වතුර දේව මාලිගාවට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් එළිපත්ත යටින් ගලා ආවේ ය. Sinhala Revised Old Version පසුව ඔහු මා ගෘහයේ දොරකඩ ළඟට නැවත පැමිණෙවුවේය; එවිට ගෘහයේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලායන බව දුටිමි, මක්නිසාද ගෘහයේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේය. ඒ වතුර ගෘහයට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් පහළින් ගලා ආවේය. |
එක් ගංගාවක් ඇත. එහි දිය පාරවල් ගලා ගොස්, අපේ උතුම් දෙවිඳුන්ගේ ශුද්ධ මණ්ඩපය වන දෙව් නුවරට සතොස ගෙන දෙයි.
දෙවි තුමාණෝ ඒ නුවර වැඩ වසන සේක. ඊට කිසි දා විපතක් නොවනු ඇත. දෙවි තුමාණෝ අලුයම් වේලෙහි ඊට පිහිට වන සේක.
බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත: ‘එන්න, අපි යමු; සමිඳුන්ගේ කන්දට නඟිමු; ඉශ්රායෙල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු; එතුමාණන් පෙන්වන මාර්ගය ගැන ඉගෙන එහි ගමන්ගන්න අපට හැකි වනු ඇත.’ මන්ද, සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ සියොන් කන්දෙන් ය; එතුමන් සෙනඟට කතා කරන්නේ ජෙරුසලමෙන් ය.
ඔබේ සතුරන්ගේ බලකොටු වැටී, සතුරන් මරාදමන දවසේ දී, පර්වත හා කඳු මුදුන්වලින් ජලධාරා ගලා එන්නේ ය.
“පිපාසා ඇති සියල්ලෙනි, ඇල දොළ වෙත පැමිණෙන්න; මුදල් නැති තැනැත්තෙනි, එන්න, අරගන්න, වළඳන්න. එන්න, මිදියුස හා කිරි ගන්න, නොමිලේ ම ලබාගන්න.
මාගේ සෙනඟ දෙවිධියක පව් කර ඇත. ඔව්හු ජීවන වතුර උල්පත වන මා අත්හැර දමා, තමන්ට ම කටාරම්, වතුර නාල්ලන බිඳුණු කටාරම් කපාගත්හ.”
ඔහු නැගෙනහිර දෙසට තිබෙන දොරටුවට අවුත්, එහි පඩිවලින් නැඟී එළිපත්ත මැන්නේ ය. එය මීටර් තුනක් උස ය.
දොරකඩ පළල මීටර් පහක් විය. දොරකඩ එක පැත්තක කණු මීටර් දෙකහමාරක් පළල ය. ඔහු මාලිගාව මැන්නේ ය. එහි දිග මීටර් විස්සකි, පළල මීටර් දහයක් ය.
එවිට ඔහු කතා කරමින්, “මේවා මාලිගාවේ සේවකයන් විසින් සෙනඟගේ පූජා තම්බනු ලබන්න ඕනෑ වූ මුළුතැන් ගෙවල් ය”යි මට කීවේ ය.
ගඟ ඉවුරේ දෙපැත්තේ ම සියලු ආකාර පලතුරු වැවෙන්නේ ය. ඒවායේ කොළ වේළෙන්නේ වත්, ඒවායේ පල වරන්නේ වත් නැති ව හැම මාසයේ ම අලුත් පල දරන්නේ ය. මන්ද, ඒවායේ වතුර ශුද්ධස්ථානයෙන් ම නික්ම එන්නේ ය. ඒවායේ පල ආහාර පිණිසත්, ඒවායේ කොළ ඖෂධ පිණිසත් වන්නේ ය”යි කී ය.
එකල ඔහු මා උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට මුහුණ පා තිබුණු පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙව්වේ ය. එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනු දිටිමි.
ඒ කාලයේ දී, කඳුවලින් මිදියුස වෑස්සෙනු ඇත; හෙල්වලින් කිරි ගලා යනු ඇත. ජුදාහි සියලු ඇල දොළවල වතුර පිරෙනු ඇත. සමිඳුන්ගේ මාලිගාවෙන් උල්පත් නික්ම ෂිට්ටිම් මිටියාවතට වතුර දෙනු ඇත.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය.
ඒ කාලයේ දී ජෙරුසලමට නැගෙනහිරෙන් පිහිටි ඔලීව කන්ද මත සමිඳාණන් වහන්සේ වැඩහිඳින සේක. එකල ඔලීව කන්ද නැගෙනහිර සිට බටහිර දෙසට දෙපළු වී මැදින් මහත් මිටියාවතක් මතු වන්නේ ය. කන්දෙන් භාගයක් උතුරු දෙසටත්, අනෙක් භාගය දකුණු දෙසටත් වෙන් වී යන්නේ ය.
ඒ කාලයේ දී පිරිසිදු වතුර ජෙරුසලමෙන් ගලා අවුත් එයින් භාගයක් මළ මුහුදටත්, ඉතිරි කොටස මධ්‍යධරණි මුහුදටත් ගලා යන්නේ ය. අවුරුද්ද මුළුල්ලේ ඒ වතුර ගලන්නේ ය.
දේව දූතයා, දෙවියන් වහන්සේගේ ද බැටළු පෝතකයාණන්ගේ ද සිංහාසනයෙන් ගලා එන, පළිඟුමෙන් විනිවිද දිලෙන, ජීවනදායක වතුර ඇති ගංගාවක් මට පෙන්වී ය.
ආත්මයාණන් වහන්සේ ද මනාලිය ද “එන්නැ”යි කියති. අසන්නෝ ද, “එන්නැ”යි කියත් වා! පිපාසය ඇත්තෝ ද එත් වා! කැමැති කෙනෙක් ජීවන පැන් නොමිලයේ ගනිත් වා!