එසකියෙල් 45:4 - Sinhala New Revised Version එය දේශයෙන් ශුද්ධ කොටසක් ය. එය සමිඳාණන් වහන්සේට සේවය කරන්න පැමිණෙන ශුද්ධස්ථානයේ සේවකයන් වන පූජකයන්ට අයිති වන්නේ ය. එය ඔවුන්ගේ නිවෙස්වලට ඉඩමක් ද ශුද්ධස්ථානයට ශුද්ධ තැනක් ද වන්නේ ය. Sinhala New Revised Version 2018 එය දේශයෙන් ශුද්ධ කොටසක් ය. එය සමිඳාණන් වහන්සේට සේවය කරන්න පැමිණෙන ශුද්ධස්ථානයේ සේවකයන් වන පූජකයන්ට අයිති වන්නේ ය. එය ඔවුන්ගේ නිවෙස්වලට ඉඩමක් ද ශුද්ධස්ථානයට ශුද්ධ තැනක් ද වන්නේ ය. Sinhala Revised Old Version ඒක දේශයෙන් ශුද්ධ කොටසක්ය; ඒක ස්වාමීන්වහන්සේට සේවයකරන්ට පැමිණෙන්නාවූ ශුද්ධස්ථානයේ සේවකයන්වූ පූජකයන්ට වන්නේය; ඒක ඔවුන්ගේ ගෙවල්වලට ඉඩමක්ද ශුද්ධස්ථානයට ශුද්ධවූ තැනක්ද වන්නේය. |
ඉස්සරහ පැත්ත උතුරු දෙසට තිබෙන, කාමරය පූජාසනයේ සේවය පවත්වන පූජකයන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට යන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට පැමිණෙන ලෙවීගේ පුත්‍රයන්ගෙන් වූ ශාදොක්ගේ පුත්‍රයෝ ය”යි මට කී ය.
එදින මට සේවය කරන්න මා ළඟට පැමිණෙන ශාදොක්ගේ වංශයේ ලෙවීවරුන් වන පූජකයන්ට පූජාසනය මත දවන පාප පූජාවක් පිණිස ගොන් වස්සෙකු දෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
“තවද, නුඹලා දේශය උරුම කරගැනීමට පස ඇට දමන කල, දේශයෙන් ශුද්ධ කොටසක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. එහි දිග කිලෝමීටර් දොළහමාරකි. පළල කිලෝමීටර් පහකි. මේ මුළු කොටස ශුද්ධ භූමියක් විය යුතු ය.
ඒ මිම්මෙන් කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අතිශුද්ධස්ථානය වන්නේ ය.
“ජුදා දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නුඹලා වෙන් කළ යුතු විශේෂ කොටස වන්නේ ය. එහි පළල කිලෝමීටර් දොළහමාරක් ද එහි දිග ගෝත්‍රයකට හිමි කොටසට සමාන වූ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ද වන්නේ ය. ශුද්ධස්ථානය එහි මැද වන්නේ ය.
ඔහු කෝරා ඇතුළු ඔහුගේ මුළු පිරිසට කතා කරමින්, “හෙට උදෑසන අප අතරෙන් සමිඳාණන් වහන්සේට කැප වූ අය උන් වහන්සේ පෙන්වන සේක. උන් වහන්සේට කැප වූ, උන් වහන්සේ තෝරාගත් තැනැත්තාට උන් වහන්සේ සමීපයට එන්නට ද සලසන සේක.