ඔහු මාලිගාවේ ඇතුළේ අන්තිම කොටසෙන් මීටර් නවයක් දිගට බිම සිට සීලිම දක්වා කිහිරි ලෑලි අල්ලා, වෙන් කොට ඒ ඇතුළු කොටස දිව්‍ය-වාක්‍යස්ථානයක් වූ අතිශුද්ධස්ථානය කොට සෑදුවේ ය.
එසකියෙල් 45:3 - Sinhala New Revised Version ඒ මිම්මෙන් කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අතිශුද්ධස්ථානය වන්නේ ය. Sinhala New Revised Version 2018 ඒ මිම්මෙන් කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අතිශුද්ධස්ථානය වන්නේ ය. Sinhala Revised Old Version ඒ මිම්මෙන් විසිපන් දහසක් දිගද දසදහසක් පළලද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අති ශුද්ධස්ථානය වන්නේය. |
ඔහු මාලිගාවේ ඇතුළේ අන්තිම කොටසෙන් මීටර් නවයක් දිගට බිම සිට සීලිම දක්වා කිහිරි ලෑලි අල්ලා, වෙන් කොට ඒ ඇතුළු කොටස දිව්‍ය-වාක්‍යස්ථානයක් වූ අතිශුද්ධස්ථානය කොට සෑදුවේ ය.
එක පැත්තක් මීටර් දෙසියපණහක් වන චතුරශ්‍රයක් ශුද්ධස්ථානයට වේ වා. ඊට තණ බිමක් පිණිස මීටර් විසිපහකුත් වටේට තිබේ වා.
එය දේශයෙන් ශුද්ධ කොටසක් ය. එය සමිඳාණන් වහන්සේට සේවය කරන්න පැමිණෙන ශුද්ධස්ථානයේ සේවකයන් වන පූජකයන්ට අයිති වන්නේ ය. එය ඔවුන්ගේ නිවෙස්වලට ඉඩමක් ද ශුද්ධස්ථානයට ශුද්ධ තැනක් ද වන්නේ ය.
විශේෂ කොටස පූජකයන්ට අයිති වන්නේ ය. එනම්, උතුරට කිලෝමීටර් දොළහමාරක් ද බස්නාහිරට කිලෝමීටර් පහක් පළල ද නැගෙනහිරට කිලෝමීටර් පහක් පළල ද දකුණු දෙසට කිලෝමීටර් දොළහමාරක් දිග ද ඇති කොටසක් වන්නේ ය. එය මැද සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය වන්නේ ය.
“ජුදා දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නුඹලා වෙන් කළ යුතු විශේෂ කොටස වන්නේ ය. එහි පළල කිලෝමීටර් දොළහමාරක් ද එහි දිග ගෝත්‍රයකට හිමි කොටසට සමාන වූ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ද වන්නේ ය. ශුද්ධස්ථානය එහි මැද වන්නේ ය.