තෙල් සම්බන්ධ නියමය නම්, ගස්වලින් ලැබෙන තෙල් ප්‍රමාණයෙන් සියයෙන් කොටසකි. හෝමෙර් එකක් බාත් දහයකි; හෝමෙර් එක කොර් එකකි.
එසකියෙල් 45:15 - Sinhala New Revised Version “ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟිකමක් කිරීමට ආහාර පූජාවටත්, දවන යාග පූජාවටත්, සහභාගිකමේ පූජාවලටත් ඉශ්රායෙල් පවුල්වලට අයිති එළු බැටළු පට්ටිවලින් දෙසියයකින් එක සතෙකු බැගින් දෙන්නට යෙදේ වා”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. Sinhala New Revised Version 2018 “ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟිකමක් කිරීමට ආහාර පූජාවටත්, දවන යාග පූජාවටත්, සහභාගිකමේ පූජාවලටත් ඉශ්රායෙල් පවුල්වලට අයිති එළු බැටළු පට්ටිවලින් දෙසියයකින් එක සතෙකු බැගින් දෙන්නට යෙදේ වා”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. Sinhala Revised Old Version ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟිකමක් කිරීමට ආහාර පූජාවටත් දවන පූජාවටත් ශාන්ති පූජාවලටත් ඔවුන්ගේ සාරවත් බිම්වල එළු බැටළු රැළවලින් දෙසියයකින් එක සතෙකු බැගින් දෙන්ට යෙදේවයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. |
තෙල් සම්බන්ධ නියමය නම්, ගස්වලින් ලැබෙන තෙල් ප්‍රමාණයෙන් සියයෙන් කොටසකි. හෝමෙර් එකක් බාත් දහයකි; හෝමෙර් එක කොර් එකකි.
අධිපතියාගේ යුතුකම් නම්, ඉශ්රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත්, නව සඳ පෝදිනවලදීත්, සබත් දවස්වලදීත් දවන යාග පූජා ද ආහාර පූජා ද පාන පූජා ද සපයා දීම ය. ඉශ්රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්නට පාප පූජා ද දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද ඔහු පිළියෙළ කළ යුතු ය.”
වැරදීමෙන් හෝ නොදැනුවත්කමෙන් හෝ යමෙකු පව් කළොත් මාසයේ සත් වන දවසේදීත් මාලිගාවේ එවැනි පූජාවක් ඔප්පු කළ යුතු ය. එලෙස කිරීමෙන් දේව මාලිගාව විශුද්ධ කරනු ඇත.
“නුඹේ ජාතිය හා නුඹේ ශුද්ධ නුවර සම්බන්ධයෙන් සති සැත්තෑවක් නියමකර ඇත. එවිට කැරලි ගැසීම නතර කරනු ලබන්නේ ය; පාපය කෙළවර කරනු ලබන්නේ ය; අපරාධය සමා කරනු ලබන්නේ ය; සදාතන යුක්තිය පිහිටුවනු ලබන්නේ ය; දර්ශන හා දිවැස් වැකි ස්ථිර කරනු ලබන්නේ ය; අතිශුද්ධස්ථානය සංස්කාර කරනු ලබන්නේ ය.
ඔහු දවන යාග පූජාව පිණිස ගත් සතාගේ හිස මත අත තැබිය යුතු ය. එවිට ඔහුට පව් කමාව දීම සඳහා ඔහු වෙනුවෙන් ඌ පිළිගනු ලැබේ.
එහෙත්, ශුද්ධස්ථානයේ පව් කමා කිරීමේ පිළිවෙත සඳහා සම්මුඛ මණ්ඩපය තුළට පාප පූජාව පිණිස පිදූ සතාගේ ලේ ගෙනෙනු ලැබුවොත්, එම පූජාවෙන් කිසිවක් නොවැළඳිය යුතු ය. එය ගින්නෙහි දැවිය යුතු ය.”
මා හට පූජා කරන්න පොරොන්දු වූ හොඳ සතුන් රැළේ සිටිය දී, වැදගැම්මක් නැති සතෙකු මට පූජා කරන ප්‍රයෝගකාරයාට වන විපතක මහත! මන්ද, මම ශ්‍රේෂ්ඨ රජෙක්මි. සියලු රටවල සෙනඟ මාගේ නාමයට ගරුබිය දක්වති”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
‘මට පූජා කරන පිණිස නුඹලා අන්ධ සතෙකු ගෙන ඒම හරි ද? කොර සතෙකු හෝ ලෙඩ සතෙකු හෝ ඔප්පු කිරීම හරි ද? එවැනි සතෙකු නුඹලාගේ ආණ්ඩුකාරයාට දී බලන්න. ඔහු ඒ ගැන ප්‍රසන්න වෙයි ද? නුඹලාට උදව් උපකාර දෙයි දැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
අපි සතුරන් ව සිටිය දී ම දේව පුත්‍රයාණන්ගේ මරණය නිසා උන් වහන්සේ සමඟ සමඟි කරනු ලැබුවෙමු නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, දැන් ඊටත් වඩා ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය නිසා ගැළවීම ලබමු.
කුරුසිය කරණකොටගෙන උන් වහන්සේ වෛරය නැති කර, දෙවියන් වහන්සේ උදෙසා ඒ දෙජාතිය එක ම ශරීරයක් වන පිණිස සමඟි කර වදාළ සේක.
පසුගිය කාලයේ දී ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වී සිටියහු ය. ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ උන් වහන්සේට සිතින් සතුරු ව සිටියහු ය.
එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.