“ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක පදවියෙහි මට සේවා කිරීමට කැප කිරීමේ දී නුඹ පිළිපැදිය යුතු පිළිවෙත මෙය වේ. කැළලක් නැති ගව නාම්බෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද ගන්න.
එසකියෙල් 43:23 - Sinhala New Revised Version නුඹ එය පවිත්‍ර කර අවසාන වූ විට කැළලක් නැති වස්සෙකු ද රැළෙන් කැළලක් නැති බැටළුවෙකු ද ගෙන්වා Sinhala New Revised Version 2018 නුඹ එය පවිත්‍ර කර අවසාන වූ විට කැළලක් නැති වස්සෙකු ද රැළෙන් කැළලක් නැති බැටළුවෙකු ද ගෙන්වා Sinhala Revised Old Version නුඹ ඒක පවිත්‍රකර තීන්දුවුණාම, කැලලක් නැති තරුණ ගොනෙක්ද රැළෙන් කැලලක් නැති බැටළුවෙක්ද ගෙනැවිත්, |
“ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක පදවියෙහි මට සේවා කිරීමට කැප කිරීමේ දී නුඹ පිළිපැදිය යුතු පිළිවෙත මෙය වේ. කැළලක් නැති ගව නාම්බෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද ගන්න.
“නුඹ සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට ගව නාම්බා ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය.
එදින මට සේවය කරන්න මා ළඟට පැමිණෙන ශාදොක්ගේ වංශයේ ලෙවීවරුන් වන පූජකයන්ට පූජාසනය මත දවන පාප පූජාවක් පිණිස ගොන් වස්සෙකු දෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පළමු වන මාසයේ පළමු වන දා කැළලක් නැති ගොන් වස්සෙකු රැගෙන ශුද්ධස්ථානයේ දෝෂ පහකරන්න.