ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 43:14 - Sinhala New Revised Version

මෙය පූජාසනයේ අඩිතාලම ය. බිම පටන් පහළ පිළට මීටරයක් ය, පළල සෙන්ටිමීටර් පණහක් ය, කුඩා පිළ පටන් ලොකු පිළට මීටර් දෙකක් ය, පළල ද සෙන්ටිමීටර් පණහකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙය පූජාසනයේ අඩිතාලම ය. බිම පටන් පහළ පිළට මීටරයක් ය, පළල සෙන්ටිමීටර් පණහක් ය, කුඩා පිළ පටන් ලොකු පිළට මීටර් දෙකක් ය, පළල ද සෙන්ටිමීටර් පණහකි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බිමේ පටන් පහළ පිළට දෙරියනක්ය, පළල එක රියනක්ය; කූඩා පිළ පටන් ලොකු පිළට රියන් සතරක්ය, පළලද රියනක්ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 43:14
5 හුවමාරු යොමු  

එය ද පූජාසනයේ පහළ සිට පූජාසනයේ මැද හරියට වෙන තෙක්, පූජාසනයේ ගැටිය යට තැබිය යුතු යි.


එහි සතර පැත්තේ පිළේ දිග මීටර් හතකි, එහි පළලත් මීටර් හතකි, එය වටකර තිබෙන ගැටිය සෙන්ටිමීටර් විසිපහකි. එය වටකර තිබෙන අඩිතාලම සෙන්ටිමීටර් පණහකි. එහි පඩිය නැගෙනහිර දෙසට ය.”


නුඹ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන එහි අං වැනි කොන් සතරේ ද මැද කොටසේ කොන් සතරේ ද වටකර ගැටියේ ද ගා, එසේ පූජාසනයේ දෝෂ පහකර, පිරිසිදු කර, ඒ උදෙසා සමඟිකමේ පූජාවක් ඔප්පු කරන්න.


පූජකයා ද පාප පූජාවේ ලේවලින් ස්වල්පයක් රැගෙන මාලිගාවේ උළුවස්සේ කණුවලත්, පූජාසනයේ අඩිතාලමේ කොන් සතරේත් ඇතුළු මළුවේ දොරටුවේ උළුවහු කණුවලත් ගාන්නේ ය.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙල් අධිපතිවරුනි! ඉතින් නුඹලා පව් කළ ප්‍රමාණය ඇත. බලහත්කාරය සහ කොල්ලකෑම ද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකම ද කර මාගේ සෙනඟට බලහත්කාර කිරීමෙන් වැළකෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.