කාමරවල දොරකඩ හිස් බිම දෙසට තිබුණේ ය. එක දොරකඩක් උතුරු දෙසටත්, එක දොරකඩක් දකුණු දෙසටත් තිබිණි. හිස් බිමේ පළල වටකර මීටර් දෙකහමාරක් ය.
එසකියෙල් 41:9 - Sinhala New Revised Version පිට පැත්ත දක්වා කාමරවලට තිබුණු බිත්තියේ පළල මීටර් දෙකහමාරක් ය. ගෘහයට තිබුණු කාමර පේළි ඇතුළේ හිස් බිමක් තිබිණි. Sinhala New Revised Version 2018 පිට පැත්ත දක්වා කාමරවලට තිබුණු බිත්තියේ පළල මීටර් දෙකහමාරක් ය. ගෘහයට තිබුණු කාමර පේළි ඇතුළේ හිස් බිමක් තිබිණි. Sinhala Revised Old Version පිට පැත්ත දක්වා කාමරවලට තිබුණු භිත්තියේ පළල පස් රියනක්ය. ගෘහයට තිබුණු කාමර පේළි ඇතුළේ හිස් ඉඩමක් තිබුණේය. |
කාමරවල දොරකඩ හිස් බිම දෙසට තිබුණේ ය. එක දොරකඩක් උතුරු දෙසටත්, එක දොරකඩක් දකුණු දෙසටත් තිබිණි. හිස් බිමේ පළල වටකර මීටර් දෙකහමාරක් ය.
ඔහු මාලිගාවේ බිත්තියත් මැන්නේ ය. එය මීටර් තුනක් ය, වටකර ම මාලිගාවට තිබුණු කාමරවල පළල මීටර් දෙකක් ය.
තවද, ඔහු උතුරු දෙස පිට මළුවට මා ගෙන ගොස් වෙන් වූ මළුවටත්, උතුරු දෙසට තිබුණු ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙව්වේ ය.
කාමර ඉස්සරහ මීටර් පහක් පළල ඇති මාර්ගයක් ද ඇතුළට යාමට මීටර් භාගයක් පළල ඇති පාරක් ද තිබිණි. ඒවායේ ඉහළ කාමර කොට ව තිබිණි.