පවිත්‍ර රනින් පහන් කතුරු ද තලි ද හැඳි ද ගිනි කබල් ද සෑදෙව්වේ ය. මාලිගාවට ඇතුළු වන තැන එනම්, අතිශුද්ධස්ථානයේ ඇතුළු දොරවල් ද ගෘහයේ එනම්, මාලිගාවේ දොරවල් ද රනින් විය.
එසකියෙල් 41:23 - Sinhala New Revised Version මාලිගාවටත්, ශුද්ධස්ථානයටත් දොරවල් දෙකක් තිබුණේ ය. Sinhala New Revised Version 2018 මාලිගාවටත්, ශුද්ධස්ථානයටත් දොරවල් දෙකක් තිබුණේ ය. Sinhala Revised Old Version මාළිගාවටත් ශුද්ධස්ථානයටත් දොරවල් දෙකක් තිබුණේය. |
පවිත්‍ර රනින් පහන් කතුරු ද තලි ද හැඳි ද ගිනි කබල් ද සෑදෙව්වේ ය. මාලිගාවට ඇතුළු වන තැන එනම්, අතිශුද්ධස්ථානයේ ඇතුළු දොරවල් ද ගෘහයේ එනම්, මාලිගාවේ දොරවල් ද රනින් විය.
එවිට ඔහු දේව මාලිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේ ය. ඒවා එක පැත්තක් මීටර් තුනක් පළලට ද අනික් පැත්ත මීටර් තුනක් පළලට ද තිබුණේ ය. එය කූඩාරමේ පළල ය.
ඔහු මාලිගාවට ඉදිරිපිටින් එහි දිගට මීටර් දහයක් ද පළලට මීටර් දහයක් ද මැන, ‘මෙය අතිශුද්ධස්ථානය’යි මට කීවේ ය.
පසු ව ඒ මනුෂ්‍යයා දේව මාලිගාවේ දොරකඩ ළඟට මා නැවත පැමිණෙව්වේ ය. එවිට දේව මාලිගාවේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලා යන බව මම දිටිමි. මන්ද, දේව මාලිගාවේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේ ය. ඒ වතුර දේව මාලිගාවට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් එළිපත්ත යටින් ගලා ආවේ ය.