තවද, ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටත් ව ආපසු පැමිණ හාරසිය අසූ වන අවුරුද්දේ එනම්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සලමොන් රජකම් කිරීමට පටන්ගෙන සතර වන අවුරුද්දේ දෙ වන මාසය වූ ශිව් මාසයේ දී ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්තේ ය.
එසකියෙල් 41:1 - Sinhala New Revised Version එවිට ඔහු දේව මාලිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේ ය. ඒවා එක පැත්තක් මීටර් තුනක් පළලට ද අනික් පැත්ත මීටර් තුනක් පළලට ද තිබුණේ ය. එය කූඩාරමේ පළල ය. Sinhala New Revised Version 2018 එවිට ඔහු දේව මාලිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේ ය. ඒවා එක පැත්තක් මීටර් තුනක් පළලට ද අනික් පැත්ත මීටර් තුනක් පළලට ද තිබුණේ ය. එය කූඩාරමේ පළල ය. Sinhala Revised Old Version එවිට ඔහු මාළිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේය, ඒවා එක පැත්තක හරියනක් පළලටද අනික් පැත්තෙහි හරියනක් පළලටද තිබුණේය, එය කූඩාරමේ පළලය. |
තවද, ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටත් ව ආපසු පැමිණ හාරසිය අසූ වන අවුරුද්දේ එනම්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සලමොන් රජකම් කිරීමට පටන්ගෙන සතර වන අවුරුද්දේ දෙ වන මාසය වූ ශිව් මාසයේ දී ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්තේ ය.
ඔහු සමිඳාණන් වහන්සේට ගොඩනැඟුවාවූ මාලිගාවේ දිග මීටර් විසිහතකි. පළල මීටර් නවයකි. උස මීටර් දහතුනයි දශම පහකි.
එවිට ඔහු පිට මළුවට මා ගෙනාවේ ය. ඒ මළුවේ කාමර සහ ඒවා වටකර ගල් ඇල්ලූ වේදිකාවක් තිබුණේ ය. ඒ ගල් බිම පිට කාමර තිහක් තිබුණේ ය.
එවිට ඔහු ඇතුළට ගොස් දොරකඩ එක එක කණුව මැන්නේ ය. එය මීටර් එකක් ය. දොරකඩ දිග මීටර් තුනක් ය, දොරකඩ පළල මීටර් තුනහමාරක් ය.
තවද, ඔහු උතුරු දෙස පිට මළුවට මා ගෙන ගොස් වෙන් වූ මළුවටත්, උතුරු දෙසට තිබුණු ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙව්වේ ය.
ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න.
මා සමඟ කතා කළ දේව දූතයාට නගරය ද එහි වාසල් දොරටු ද එහි පවුර ද මනින පිණිස රනින් කළ මිණුම් දණ්ඩක් තිබිණි.
සිංහාසනයෙන් මහා හඬක් මෙසේ කියනු ඇසීමි: “මෙන්න, දෙවියන් වහන්සේගේ වාසභවනය මනුෂ්‍යයන් සමඟ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වාසය කරන සේක. ඔව්හු උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. දෙවියන් වහන්සේ ම ඔවුන් සමඟ වැඩවසමින්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක.
ජයග්‍රාහකයා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු එතැනින් කිසි කලෙක පිටත නොයන්නේ ය. මාගේ දෙවියන් වහන්සේගේ නාමය ද, මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින නව ජෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නගරයේ නාමය ද, මාගේ ම අලුත් නාමය ද ඔහු පිට කැටයම් කරන්නෙමි.