පසුව මෝසෙස් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දවන යාග පූජාසනය තබා එය මත උන් වහන්සේ අණ කළ පරිදි දවන යාග පූජාව සහ ආහාර පූජාව පිදී ය.
එසකියෙල් 40:47 - Sinhala New Revised Version එවිට ඔහු මළුව මැන්නේ ය. දිග මීටර් පණහක් ය, පළල මීටර් පණහක් ය. එය හරි හතරැස් ව තිබුණේ ය. පූජාසනය ගෘහයට ඉදිරිපිටින් තිබුණේ ය. Sinhala New Revised Version 2018 එවිට ඔහු මළුව මැන්නේ ය. දිග මීටර් පණහක් ය, පළල මීටර් පණහක් ය. එය හරි හතරැස් ව තිබුණේ ය. පූජාසනය ගෘහයට ඉදිරිපිටින් තිබුණේ ය. Sinhala Revised Old Version එවිට ඔහු මළුව මැන්නේය, දිග රියන් සියයක්ය, පළල රියන් සියයක්ය, ඒක සතරැස්ව තිබුණේය; පූජාසනය ගෘහයට ඉදිරිපිටින් තිබුණේය. |
පසුව මෝසෙස් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දවන යාග පූජාසනය තබා එය මත උන් වහන්සේ අණ කළ පරිදි දවන යාග පූජාව සහ ආහාර පූජාව පිදී ය.
ඔහු ද පහළ දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුළු මළුවේ ඉස්සරහ පැත්ත දක්වා පිටතින් පළල මැන්නේ ය. නැගෙනහිරටත්, උතුරටත් මීටර් පණහක් තිබුණේ ය.
නැගෙනහිරට මෙන් ම උතුරු දොරටුවට ඉදිරිපිටින් ඇතුළු මළුවට දොරටුවක් තිබුණේ ය. ඔහු දොරටුවෙන් දොරටුවට මැන්නේ ය. එය මීටර් පණහක් විය.
ඇතුළු මළුවටත් දකුණු දෙසට දොරටුවක් තිබිණි. ඔහු දකුණු දෙසට දොරටුවෙන් දොරටුවට මැන්නේ ය. එය මීටර් පණහකි.
ඔහු මාලිගාවත් මැන්නේ ය. එහි දිග මීටර් පණහක් ය, වෙන් වූ මළුවේ ද එහි තිබුණු ගොඩනැඟිල්ලේ ද එහි බිත්තිවල ද දිග මීටර් පණහක් ය.