ජනේල තට්ටු තුනක් තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේ ය.
එසකියෙල් 40:25 - Sinhala New Revised Version ඒ කවුළු මෙන් ම වටකර මෙයටත්, මෙහි ශාලාවලටත් කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහකි. පළල මීටර් දොළහමාරකි. Sinhala New Revised Version 2018 ඒ කවුළු මෙන් ම වටකර මෙයටත්, මෙහි ශාලාවලටත් කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහකි. පළල මීටර් දොළහමාරකි. Sinhala Revised Old Version ඒ කවුළු වාගේ වටකරම මේකටත් මේකේ ශාලාවලටත් කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය. |
ජනේල තට්ටු තුනක් තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේ ය.
ඒ කුඩා මුර කාමරවලටත්, ඒවායේ කණුවලටත් ප්‍රවේශ ශාලාවේ ඇතුළු පැත්තේ වටේට පටු කවුළු තිබුණේ ය. කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.
එහි මුරගෙවල් ද එහි කණු ද එහි ශාලා ද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේ ය. වටකර ම එයටත් එහි ශාලාවලටත් කවුළු තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි;
එහි මුර ගෙවල් ද එහි කණු ද ශාලා ද පෙර ගොඩනැඟිලි ප්‍රමාණයට තිබිණි. එයටත්, එහි ශාලාවලටත් වටකර කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය. පළල මීටර් දොළහමාරකි.
ඇතුළු මාලිගාව ද මළුවේ ශාලා ද එළිපත්ත ද පටු කවුළු ද මහල් තුනට ම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට ශාලා ද තුනී ලෑලිවලින් වසා තිබුණේ ය. බිම සිට කවුළු දක්වාත් එසේ ම තිබුණේ ය. කවුළුත් වසා තිබුණේ ය.
දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලි ව පෙනෙන්නේ ය. මතු අපි මුහුණට මුහුණ ලා දකින්නෙමු. දැන් මාගේ දැනුම අසම්පූර්ණ ය. එහෙත් මතු, මා පිළිබඳ දෙවියන් වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුම ද සම්පූර්ණ වන්නේ ය.
ඒ නිසා දිවැසිවරුන් ප්‍රකාශ කළ පණිවුඩය වඩාත් ස්ථිර ලෙස අප සතු ව ඇත. ඔබේ අවධානය ඊට යොමු කිරීම යෙහෙකි. මන්ද, එය අලුයම පැමිණ, පහන් තරුව ඔබගේ සිත්හි උදා වන තුරු, අඳුරු තැනක බබළන පහනක් මෙනි.