වටකර ඇතුළෙනුත්, පිටිනුත් මාලිගාවේ සියලු බිත්තිවල ඔහු කෙරුබ් රූප ද තාල වර්ගයේ ගස් ද පිපුණු මල් ද කොටා කැටයම් වැඩ කෙළේ ය.
එසකියෙල් 40:22 - Sinhala New Revised Version එහි කවුළු ද එහි ශාලා ද තල් ගස් ද නැගෙනහිරට තිබුණු දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එයට නඟින්නට පඩි සතක් විය. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබුණේ ය. Sinhala New Revised Version 2018 එහි කවුළු ද එහි ශාලා ද තල් ගස් ද නැගෙනහිරට තිබුණු දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එයට නඟින්නට පඩි සතක් විය. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබුණේ ය. Sinhala Revised Old Version ඒකේ කවුළුද ඒකේ ශාලාද තල්ගස්ද නැගෙනහිරට තිබුණු දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේය; පඩි සතකින් ඒකට නැංගෝය; ඒකේ ශාලාද ඒවා ඉදිරිපිට තිබුණේය. |
වටකර ඇතුළෙනුත්, පිටිනුත් මාලිගාවේ සියලු බිත්තිවල ඔහු කෙරුබ් රූප ද තාල වර්ගයේ ගස් ද පිපුණු මල් ද කොටා කැටයම් වැඩ කෙළේ ය.
ඔලීව ලීවලින් සෑදූ ඒ දොරවල් දෙකේ ඔහු කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කැටයම් කර, රන් ආලේප කර, කෙරුබ්වරුන්ගේ රූප හා තල් ගස් පිටත් රන් ගෑවේ ය.
ඔහු ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කපා, ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේ ය.
ඔහු එහි ලීස්තරවල ලෑලිවල ද එහි පනේලවල ද ඒ ඒ ඉඩ ප්‍රමාණයට කෙරුබ් රූප ද සිංහ රූප ද තල් ගස් ද කැටයම් කෙළේ ය. වටේට මාලා ද තිබිණි.
ජනේල තට්ටු තුනක් තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේ ය.
ඔහු ලොකු මාලිගාවේ ඇතුළ දේවදාර ලීවලින් වසා, එහි පෙරූ රත්රන් ආලේප කොට, ඒ මතු පිට තල්ගස් ද දම්වැල් ද සාදා,
ඒ කුඩා මුර කාමරවලටත්, ඒවායේ කණුවලටත් ප්‍රවේශ ශාලාවේ ඇතුළු පැත්තේ වටේට පටු කවුළු තිබුණේ ය. කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.
ඒ කවුළු මෙන් ම වටකර මෙයටත්, මෙහි ශාලාවලටත් කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහකි. පළල මීටර් දොළහමාරකි.
එයට නඟින්නට පඩි සතක් තිබිණි. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබිණි. එක පැත්තක එකක් ද අනික් පැත්තෙහි එකක් ද බැගින් එහි කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.
එහි මුරගෙවල් ද එහි කණු ද එහි ශාලා ද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේ ය. වටකර ම එයටත් එහි ශාලාවලටත් කවුළු තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි;
එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවල දෙපැත්තෙහි තල් ගස් ද එයට නඟින්නට පඩි අටක් ද විය.
එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවල දෙපැත්තෙහි තල් ගස් ද ඒකට නඟින්නට පඩි අටක් ද විය.
ශාලාවේ දිග මීටර් දහයකි. පළල මීටර් හයකි. ඊට නඟින්න පඩි දහයක් තිබිණි. කුළුණුවලට කණු එක පැත්තක එකක් ද අනික් පැත්තෙහි එකක් ද බැගින් තිබුණේ ය.
ඔහු නැගෙනහිර දෙසට තිබෙන දොරටුවට අවුත්, එහි පඩිවලින් නැඟී එළිපත්ත මැන්නේ ය. එය මීටර් තුනක් උස ය.
එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් පසුකර යමු. නිෂ්ඵල ක්‍රියාවලින් හැරීම ද දෙවියන් වහන්සේ කෙරේ ඇදහීම ද
ඉන්පසු සියලු ජාතීන්ගෙන් ද ගෝත්‍රවලින් ද ජන සමූහයාගෙන් ද භාෂාවන්ගෙන් ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක්, සුදු සළු පැළඳ, තාල පත්‍ර අතින් ගෙන, සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි.