ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 40:12 - Sinhala New Revised Version

මුර කාමරය ඉදිරිපිට මීටර් භාගයක ගරාදි වැටක් තිබුණේ ය. අනික් පැත්තේ ද මීටර් භාගයක් දිග ගරාදි වැටක් තිබුණේ ය. මුර කාමරයක එක පැත්තක් මීටර් තුනක් ද අනික් පැත්ත මීටර් තුනක් ද බැගින් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මුර කාමරය ඉදිරිපිට මීටර් භාගයක ගරාදි වැටක් තිබුණේ ය. අනික් පැත්තේ ද මීටර් භාගයක් දිග ගරාදි වැටක් තිබුණේ ය. මුර කාමරයක එක පැත්තක් මීටර් තුනක් ද අනික් පැත්ත මීටර් තුනක් ද බැගින් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මුර-ගෙවල් ඉදිරිපිට එක රියනක ඉමක් තිබුණේය, අනික් පැත්තෙහි එක රියනක ඉමක් තිබුණේය; කාමරයකට එක පැත්තකින් රියන් හයක්ද අනික් පැත්තෙන් රියන් හයක්ද තිබුණේය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 40:12
6 හුවමාරු යොමු  

ඔහු දොරකඩ පළලත් මැන්නේ ය. එය මීටර් පහකි. දොරටුවේ දිග මීටර් හයහමාරකි.


ඔහු එක කාමරයක පියස්සේ සිට අනික් කාමරයේ පියස්ස දක්වා දොරටුව මැන්නේ ය. එක දොරකඩක සිට අනික් දොරකඩ දක්වා දුර මීටර් දෙකහමාරකි.


ඒ කුඩා මුර කාමරවලටත්, ඒවායේ කණුවලටත් ප්‍රවේශ ශාලාවේ ඇතුළු පැත්තේ වටේට පටු කවුළු තිබුණේ ය. කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.


එහි මුරගෙවල් ද එහි කණු ද එහි ශාලා ද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේ ය. වටකර ම එයටත් එහි ශාලාවලටත් කවුළු තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි;


ප්‍රවේශ ශාලාවේ කණු ළඟ කාමරයක් ද එහි දොරකඩක් ද තිබුණේ ය. එය තිබුණේ එහි දවන පූජාව සෝදන පිණිස ය.


එහි එක එක මුර කාමරයේ දිග මීටර් තුනකි. පළලත් මීටර් තුනකි. මුර කාමර අතර පරතරය මීටර් දෙකහමාරකි. දොරටුවේ ඇතුළු පැත්තේ එළිපත්තේ සිට ප්‍රවේශ ශාලාවේ දිග මීටර් තුනකි.