අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු. සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක.
එසකියෙල් 4:5 - Sinhala New Revised Version මම නුඹට දවස් ගණනක් නියම කරන්නෙමි. එනම්, දවස් තුන්සිය අනූවකි. එක එක දවස ඉශ්රායෙල් ජාතියේ එක එක අවුරුද්ද වශයෙන් ගණන් ගනු ලැබේ. Sinhala New Revised Version 2018 මම නුඹට දවස් ගණනක් නියම කරන්නෙමි. එනම්, දවස් තුන්සිය අනූවකි. එක එක දවස ඉශ්රායෙල් ජාතියේ එක එක අවුරුද්ද වශයෙන් ගණන් ගනු ලැබේ. Sinhala Revised Old Version මක්නිසාද මම ඔවුන්ගේ අයුතුකමේ අවුරුදු නුඹට දවස් ගණනක් කොට එනම් තුන්සිය අනූ දවසක් නියමකෙළෙමි. මෙලෙස නුඹ ඉශ්‍රායෙල් වංශයේ අයුතුකම දරන්නෙහිය. |
අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු. සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක.
“නුඹේ ජාතිය හා නුඹේ ශුද්ධ නුවර සම්බන්ධයෙන් සති සැත්තෑවක් නියමකර ඇත. එවිට කැරලි ගැසීම නතර කරනු ලබන්නේ ය; පාපය කෙළවර කරනු ලබන්නේ ය; අපරාධය සමා කරනු ලබන්නේ ය; සදාතන යුක්තිය පිහිටුවනු ලබන්නේ ය; දර්ශන හා දිවැස් වැකි ස්ථිර කරනු ලබන්නේ ය; අතිශුද්ධස්ථානය සංස්කාර කරනු ලබන්නේ ය.
නුඹලා ඒ රටේ ඔත්තු සෙවූ කාලය දවස් හතළිහක් නොවේ ද? හැබැයි, එක එක දවසකට, එක එක අවුරුද්ද බැගින් සලකා, අවුරුදු හතළිහක් තුළ නුඹලාගේ දුෂ්ටකම්වලට වග කියමින්, මාගේ පොරොන්දු කඩ කිරීමේ විපාකයේ බරපතලකම කෙතරම් ද කියා දැනගන්නහු ය.