එසකියෙල් 27:7 - Sinhala New Revised Version නුඹේ රුවල් කොඩිය මිසරයේ සිහින් විසිතුරු රෙදිවලින් සෑදී තිබේ. නුඹේ වියන එලිෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදි ය. Sinhala New Revised Version 2018 නුඹේ රුවල් කොඩිය මිසරයේ සිහින් විසිතුරු රෙදිවලින් සෑදී තිබේ. නුඹේ වියන එලිෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදි ය. Sinhala Revised Old Version නුඹට කොඩියක් කොට නුඹ විහිදෙවුවේ මිසරයේ විසිතුරු සිහින් රෙදිය; නුඹේ වියන එලීෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදිය. |
සලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙන ලද්දෝ ය. රජුගේ වෙළෙන්දෝ උන් මිසර දේශයෙන් නියම මිලකට ලබාගත්හ.
තර්ෂිෂ් රටෙන් ගෙනා රිදී තහඩුවලින් ද ඕපීර් රටෙන් ගෙනා රත්රන්වලින් ද ඒ රූප සාදා ඇත. ඒවා සාදා ඇත්තේ, කැටයම්කරුවන්ගේ හා රන්කරුවන්ගේ අතින් ය. ඒවා දක්ෂ කම්කරුවන් විසින් නිල් හා දම් පැහැති රාජකීය ඇඳුමෙන් පළඳවනු ලැබ ඇත.
විසිතුරු වැඩදැමූ වස්ත්‍ර මම නුඹට පළඳවා, කදිම හම් පාවහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් වසා පට රෙදිවලින් නුඹ සැරසුවෙමි.