නුඹ මාගේ ශුද්ධ දේ හෙළා දැක මාගේ සබත් දවස් කෙලෙසුවෙහි ය.
නුඹ මාගේ ශුද්ධ දේ හෙළාදැක, මාගේ සබත් කෙලහුවෙහිය.
එහෙත්, ඉශ්රායෙල් වංශය කාන්තාරයේ දී මට විරුද්ධ ව කැරලිගසා, මාගේ ආඥා අනුව නොහැසිර, මාගේ පණත් ප්‍රතික්ෂේප කළෝ ය. ඒවා ප්‍රතික්ෂේප නොකර, ඒවා පිළිපැදීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙනු ඇත. ඔව්හු මාගේ සබත් දවස් ද බොහෝ සෙයින් කෙලෙසුවෝ ය. එවිට ඔවුන් නැති කර දැමීමට කාන්තාරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවන්නට සිතුවෙමි.
මාගේ සබත් දින ශුද්ධ ලෙස පවත්වන්න; එවිට මා නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස ඒවා මා සහ නුඹලා අතරේ සලකුණක් වන්නේ ය’යි වදාළෙමි.
“ ‘එහෙත් ඒ පරම්පරාව මට විරුද්ධ ව කැරලි ගසා, මාගේ ආඥා අනුගමනය නොකර, මිනිසුන්ට ජීවනය ගෙන දෙන ආඥාවන් අනුව නොහැසිර මාගේ සබත් දින කෙලෙසුවෝ ය. එවිට මම පාළුකරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි.
මා එසේ කෙළේ ඔවුන් මාගේ පණත් නොපිළිපැද, මාගේ ආඥා ප්‍රතික්ෂේප කොට, මාගේ සබත් දවස කෙලෙසූ නිසාත්, ඔවුන්ගේ ඇස් ද තමන්ගේ පියවරුන්ගේ දේව රූප දෙස යොමු වී තිබුණ නිසාත් ය.
ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩ කොට මාගේ ශුද්ධ දේ කෙලෙසූ හ. ඔවුන් කැප දේ ද අකැප දේ ද අතරේ වෙනසක් කෙළේ වත්, අපවිත්‍ර දේ ද පවිත්‍ර දේ ද අතරේ තිබෙන වෙනස දැන්නුවේ වත් නැත; මාගේ සබත් දවස් ඔව්හු නොසලකා හැරියෝ ය. මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමිණියේ ය.
මාගේ සබත් දවස් පවත්වා ශුද්ධස්ථානයට ගරු කළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
“එහෙත් නුඹලා සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිළිකුල් යයි කියමින් එහි ඔප්පු කරන ආහාරවලට නිගා කරන බැවින් නුඹලා මාගේ නාමයට අගෞරව කරන්නහු ය.