ඔබ පොළොවේ සියලු දුෂ්ටයන් කුණු කසළ මෙන් පහකරන සේක. එබැවින් මම ඔබේ ශික්ෂා පදවලට ප්‍රේම කරමි.
එසකියෙල් 22:19 - Sinhala New Revised Version එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, නුඹලා සියල්ලන් ම ලෝහවල බොර මෙන් වී සිටින නිසා නුඹලා ජෙරුසලම තුළට එකතු කරන්නෙමි. Sinhala New Revised Version 2018 එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, නුඹලා සියල්ලන් ම ලෝහවල බොර මෙන් වී සිටින නිසා නුඹලා ජෙරුසලම තුළට එකතු කරන්නෙමි. Sinhala Revised Old Version එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–බලව, නුඹලා සියල්ලන්ම බොර වී සිටින නිසා නුඹලා යෙරුසලම තුළට එකතුකරන්නෙමි. |
ඔබ පොළොවේ සියලු දුෂ්ටයන් කුණු කසළ මෙන් පහකරන සේක. එබැවින් මම ඔබේ ශික්ෂා පදවලට ප්‍රේම කරමි.
මම නුඹලාට විරුද්ධ ව ක්‍රියාකර, ගිනි උදුනෙහි ලෝහ පිරිසිදු කරන්නාක් මෙන් නුඹලා පිරිසිදු කරන්නෙමි; නුඹලාගේ සියලු බොර රොඩු ආදිය ඉවත් කරන්නෙමි;
“ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාංසය වශයෙන් හැඳින්වෙන්නේ නගරයෙහි නුඹලා විසින් බාවනු ලැබ ඇති, නුඹලා අතින් මැරුම්කනු ලැබූ අය ය; කල්දේරම වශයෙන් හැඳින්වෙන්නේ නගරය ය. එහෙත්, නුඹලා මෙයින් පිටත ගෙනෙනු ලබන්නහු ය.
“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය ලෝහවල බොර හා සමාන ය. උදුනක රිදී පිරිසිදු කළ පසු ඉතිරි වන තඹ, බෙලෙක්, යකඩ සහ ඊයම් බොර හා සමාන ය.
රිදී ද තඹ ද යකඩ ද ඊයම් ද බෙලෙක් ද ගිනි පිඹ උණු කරන පිණිස උදුන තුළට එකතු කරන්නාක් මෙන් මම නුඹලා එකතු කර මාගේ උදහසින් ද කෝපාග්නියෙන් ද උණු කරන්නෙමි.
එහෙත් සමිඳාණන් වහන්සේගේ අදහස කුමක් දැ යි ඔව්හු නොදනිති. ගොයම් රැස් කරගෙන මඩින්නාක් මෙන් ඔවුන්ට දඬුවම් කරන්න උන් වහන්සේ ඔවුන් රැස් කර ඇති බව ඔව්හු නොදනිති.
ගොයම් කපන කාලය දක්වා දෙවගේ ම එකට වැඩෙන්න හරින්න. ඉන්පසු ගොයම් කපන කාලයේ දී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රැස් කරන්නැ යි කපන්නන්ට කියමි’යි කීවේ ය.”