මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. ඔහු අයුතුකම් කළොත් මම පියෙකු මෙන් ඔහුට ඉපලෙන් දඬුවම් කරන්නෙමි; මිනිසුන් පහර දෙන සේ ඔහුට පහර දෙන්නෙමි.
එසකියෙල් 21:10 - Sinhala New Revised Version එය මුවහත් කර තිබෙන්නේ ඝාතනය පිණිස ය. එය දිළිසෙන්නේ විදුලිය දහරක් මෙන් ය. එසේ නම්, අපට ප්‍රීති වීමට ඉඩක් නැත. මන්ද, මාගේ සෙනඟ හැම අවවාදයක් හා දඬුවමක් නොසලකා හැර ඇත. Sinhala New Revised Version 2018 එය මුවහත් කර තිබෙන්නේ ඝාතනය පිණිස ය. එය දිළිසෙන්නේ විදුලිය දහරක් මෙන් ය. එසේ නම්, අපට ප්‍රීති වීමට ඉඩක් නැත. මන්ද, මාගේ සෙනඟ හැම අවවාදයක් හා දඬුවමක් නොසලකා හැර ඇත. Sinhala Revised Old Version ඒක මුවහත්කර තිබෙන්නේ මරාදමන පිණිසය; මැදලා තිබෙන්නේ විදුලිය මෙන් දිලිහෙන පිණිසය. එසේ නම් අපට ප්‍රීතිවෙන්ට යුතුද? මාගේ පුත්‍රයාගේ ජයකොන්තය සියලු ගස් සුළුකරන්නේය. |
මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. ඔහු අයුතුකම් කළොත් මම පියෙකු මෙන් ඔහුට ඉපලෙන් දඬුවම් කරන්නෙමි; මිනිසුන් පහර දෙන සේ ඔහුට පහර දෙන්නෙමි.
දූතයෝ රජුගේ අණ පරිදි විගසින් පිටත් ව ගියහ. ඒ රාජාඥාව සූසා අගනුවර ද පළ කරන ලදී. රජ ද හාමාන් ද විනෝද වන පිණිස හිඳගත්තෝ ය. එහෙත්, සූසා නගරයේ මහා කැළඹීමක් ඇති විය.
සමිඳාණන් වහන්සේ සිය අභිප්‍රායයන් ඉටු කර සම්පූර්ණ කරන තුරු උන් වහන්සේගේ කෝපය නොනිවෙන්නේ ය. මතු කාලයේ දී උන් වහන්සේගේ සෙනඟ එය මැනවින් තේරුම්ගනු ඇතැ”යි ඔහු කීවේ ය.
රථවල අසුන් බැඳගන්න; අසරුවෙනි, යුද හිස් වැසුම් දමාගෙන පෙළ ගැසී සිටින්න; හෙල්ල තියුණු කරගන්න; යුද සැට්ට හැඳගන්න.
‘සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම නුඹ තුළ ගින්නක් දල්වන්නෙමි. එයින් නුඹ තුළ තිබෙන සියලු අමු ගස් ද සියලු වියළි ගස් ද දැවී යන්නේ ය. ඒ ඇවිලෙන ගිනි මැලය නොනිවී, එයින් දකුණේ සිට උතුර දක්වා ඇති සියලු මුහුණු දැවෙන්නේ ය.
ඒ කඩුව අතට ගන්න පිණිස මුවහත් කිරීමට දී තිබේ. මරාදමන අයගේ අතට දෙන පිණිස මේ කඩුව දිළිසෙන පරිදි මුවහත් කර තිබේ.
මා ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් සියලු දෙනා විනාශ කරදමන බැවින් දකුණේ සිට උතුර දක්වා සිටින සියල්ලන්ට විරුද්ධ ව මාගේ කඩුව කොපුවෙන් ඇදගන්නෙමි.
උන් වහන්සේගේ සතුරෝ කටු ගස් මෙන් පැටලී සුරා පානයෙන් මත් වී සිටිය ද වියළී ගිය පිදුරු මෙන් ගිනිබත් වන්නෝ ය.
අසරුවෝ පහර දෙති. කඩු ලෙල දෙයි. හෙල්ල බැබළෙයි. සමූහයක් මැරුම් කා ඇත. මළකඳන් ගොඩගැසී ඇත. මළමිනීවල නිමක් නැත. මිනිස්සු මළකඳන්වල හැපී වැටෙති.
ඔබේ ඊතලවලින් විහිදුණු එළිය නිසා ද දිළිසෙන හෙල්ලයේ දීප්තිය නිසා ද ඉර හඳ ස්වකීය විමානවල නැවතී සිටියේ ය.