දිළිඳුන්ට පීඩා කිරීම ද යුක්තිය හා සාධාරණකම පෙරළීම ද රටේ ඇති වන බව ඔබ දකින විට ඒ ගැන පුදුම නොවන්න. හැම නිලධාරියාට ම ඉහළින් ඊට වඩා උසස්, වෙන නිලධාරියෙක් ඇත.
එසකියෙල් 18:18 - Sinhala New Revised Version “අනිත් අතට ඔහුගේ පියා කෲර ලෙස පීඩා කොට, තමාගේ සහෝදරයාගෙන් කොල්ලකා, තමාගේ සෙනඟ අතරේ නපුරු දේ කළ හෙයින් තමාගේ ම අපරාධ නිසා නැසුණේ ය. Sinhala New Revised Version 2018 “අනිත් අතට ඔහුගේ පියා කෲර ලෙස පීඩා කොට, තමාගේ සහෝදරයාගෙන් කොල්ලකා, තමාගේ සෙනඟ අතරේ නපුරු දේ කළ හෙයින් තමාගේ ම අපරාධ නිසා නැසුණේ ය. Sinhala Revised Old Version ඔහුගේ පියා වනාහි ක්‍රෑරලෙස පීඩාකොට, තමාගේ සහෝදරයාගෙන් කොල්ලකා, තමාගේ සෙනඟ අතරේ හොඳ නැති දේ කළ නිසා, බලව, ඔහු තමාගේ අයුතුකමෙහි නසින්නේය. |
දිළිඳුන්ට පීඩා කිරීම ද යුක්තිය හා සාධාරණකම පෙරළීම ද රටේ ඇති වන බව ඔබ දකින විට ඒ ගැන පුදුම නොවන්න. හැම නිලධාරියාට ම ඉහළින් ඊට වඩා උසස්, වෙන නිලධාරියෙක් ඇත.
ඔහු නපුරෙන් වැළකී සිටියි. පොලියට මුදල් නොදෙයි. අයුතු ලාභ නොගනියි. මාගේ නියෝග පිළිපැද මාගේ පණත් අනුව හැසිරෙන්නේ ය. මේ මිනිසා තමාගේ පියාගේ අයුතුකම නිසා නොනැසී සැබැවින් ම ජීවත් වන්නේ ය.
“එහෙත්, පියාගේ අපරාධ නිසා පුත්‍රයා දඬුවම් නොලබන්නේ මන්දැ යි නුඹලා අසනු ඇත. පුත්‍රයා නීති ගරුක ව අවංක ව සිට මාගේ සියලු පණත් පිළිපැද, ඒවා ඉටු කර තිබේ නම්, ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය.
පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේ ය.
“එහෙත්, ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කොට, දුෂ්ටයා කරන සියලු ම පිළිකුල් ක්‍රියා කළොත්, ඔහු ජීවත් වේ ද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහි කරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම් නිසාත්, ඔහු කළ ඔහුගේ පාප නිසාත් ඔහු නසින්නේ ය.
ධර්මිෂ්ඨයෙකු තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කරමින් සිට නසින කල ඔහු නසින්නේ, තමා කළ තමාගේ අධර්මිෂ්ඨකම් නිසා ය.
බලන්න, හැම ජීවිතයක් ම මට අයිති ය; පියාගේ ජීවිතය මෙන් පුත්‍රයාගේ ජීවිතයත් මට අයිති ය. පාපයේ ප්‍රතිවිපාකය විඳින්නේ පව් කළ පුද්ගලයා ම ය.
‘නුඹ සැබැවින් ම නසින්නෙහි ය’යි මා දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත් වන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාද කරන පිණිස ඔහුට කතා නොකරන්නෙහි නම්, ඒ දුෂ්ටයා සිය පාපය නිසා මැරෙනු ඇත. එවිට ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි.
ජේසුස් වහන්සේ යළිත් ඔවුන්ට කතා කොට, “මම ඉවත් ව යමි. ඔබ මා සොයන්නහු ය. එහෙත් ඔබ ඔබේ පාපයෙහි මැරෙන්නහු ය. මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකි ය”යි වදාළ සේක.
ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය”යි වදාළ සේක.