ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 17:5 - Sinhala New Revised Version

ඔහු දේශයෙන් පැළෑටියක් රැගෙන සාරවත් බිමක සිටෙව්වේ ය. ඔහු එය බොහෝ දිය ඇති ගඟක් ළඟ පැළෑටියක් මෙන් සිටෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු දේශයෙන් පැළෑටියක් රැගෙන සාරවත් බිමක සිටෙව්වේ ය. ඔහු එය බොහෝ දිය ඇති ගඟක් ළඟ පැළෑටියක් මෙන් සිටෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු දේශයේ බීජයක්ද රැගෙන සාරවත් බිමක සිටෙවුවේය; ඔහු එය බොහෝ දිය ළඟ නළා ගසක් මෙන් එහි පිහිටෙවුවේය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 17:5
12 හුවමාරු යොමු  

බබිලෝනියේ රජ ද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත් කොට ඔහුගේ නම ශෙදෙකියා යයි වෙනස් කෙළේ ය.


තමන් රැස් කරගත් දේපළ රැගෙන බට පඳුරු ඇති ඔය හරහා පලා යන්න සෙනඟ උත්සාහ කරති.


ඔව්හු වතුර අසල වැඩෙන තණ කොළ මෙන් ද දිය ඔයවල් ළඟ වැඩෙන බට ගස් මෙන් ද සඵල වන්නෝ ය.


ගසක් මෙන් ඔබ ඔවුන් හිටවූ සේක; ඔව්හු මුල් ඇද, වැඩී, සඵල වන්නෝ ය. මුවින් ඔව්හු ඔබ පසසති; සිතින් නම් ඔබෙන්, දුරු ව සිටිති.


ජෙහෝයාකිම්ගේ පුත් කෝනියා වෙනුවට බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් ජුදා දේශයෙහි ජොෂියාගේ පුත් ශෙදෙකියා රජකමට පත් කරනු ලැබ ඔහු රජකම් කෙළේ ය.


“ඔහු රාජ වංශයේ කෙනෙකු ගෙන, ඔහු සමඟ ගිවිසුමක් කොට, ඔහු විශ්වාස ව සිටින බවට දිවුරුම් ගත්තේ ය. ඉක්බිති ඔහු දේශයේ ප්‍රධානීන් ගෙන ගියේ ය.


ඔහු එහි මුදුන් රිකිලි කඩා, වෙළහෙළඳාම් කරන දේශයකට එය ගෙනවුත් වෙළෙඳුන්ගේ නුවරක එය සිටෙව්වේ ය.


එය වැඩී පැතිරී යන විට මිදි වැලක් වී ය. එහි අතු රාජාලියා දෙසට වැඩී ගියේ ය. එහි මුල් ගැඹුරට ඇදී ගියේ ය. මෙසේ එහි අතු රිකිලි විහිදී මිදි වැලක් විය.


“එය වැඩෙන පිණිස වතුර ද පෝෂණය කරන පිණිස පොළොව යට උල්පත් ද තිබුණේ ය. ඒවායින් ගස වැඩෙන තැනට ජල ධාරා ගලා එන්නේ ය. එය වනයේ ඇති ගස්වලට ද දිය දහරා යැව්වේ ය.


“ඒ නිසා ඒ ගස වනයේ සියලු ගස්වලට වඩා උස ය. බොහෝ වතුර ලැබුණු නිසා, එහි අතු වැඩි වී දිගට ගියේ ය.